Saturday, May 29, 2010

දෙවියන්ගෙ කථාවයි, ගිටාර් කථාවයි ...

මේ කථාව ඇහිල තියෙන්නෙ මගෙ යාළුවෙකුට. එයා නිතරම දිව්‍ය ලෝකේ ගිහින් ආපහු එන කෙනෙක්.
අවුරුදු 55 ක විතර වයසක කාන්තාවකට ඔපරේෂන් එකක් සිදු කරමින් ඉන්න අතරතුර දෙවියෝ මුනගැහුනා. දෙවියෝ ඇඳ ලඟටම ඇවිත් හිටියා. ඉතින් මෙයා දෙවියන්ගෙන් ඇහුවා.
"මාව මැරෙයිද දෙවියනි ???"
"නෑ තව අවුරුදු 30ක් ඔයාට ජීවත් වෙන්න පුළුවන්" දෙයියෝ කිව්වා.
අවුරුදු 30ක්ම තවත් ඉන්න එකේ ඒ කාලේ හොඳින් ඉන්න ඕනෑ කියල හිතපු කාන්තාව ඒ ඉස්පිරිතාලයෙන්ම ප්ලාස්ටික් ඔපෙරේෂන් වගයක් කරගත්තා.
පියොවුරු හදාගත්තා, හමේ රැලි යවාගත්තා, බඩ අඩු කරගත්තා, කොන්ඩය හිටවගත්තා, කොටින්ම කියනවනම් උපරිම තරුන පෙනුමක් ලබා ගත්තා.

ඉස්පිරිතාලයෙන් පිටවෙලා යනකොට හැමෝම මෙයා දිහා බලන්න ගත්තා. ඉතින් මෙයත් ආඩම්බරයෙන් පාර මාරුවෙනකොට ඇම්බියුලන්ස් එකකට යටවෙලා මියගියා.
මේ කාන්තාව ගියේ දිව්‍ය ලෝකයට. කෙලින්ම ගියා අර දෙයියා හම්බවෙන්න.
"ඔයා කිව්ව නේද මම තව අවුරුදු 30ක් ජීවත් වෙනවා කියලා ?"
"ඔවු. ඒකනම් එහෙම තමයි" දෙයියෝ උත්තර දුන්නා.
"ඉතින් මොකද මේ උනේ ?" කාන්තාව ආයෙමත් ඇහුවා.
"මට ඔයාව අඳුන ගන්න බැරිඋනානේ ... " දෙයියෝ කිව්වා.

~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~

මේ සිද්ධිය උනේ සුපුරුදු පරිදි මට
රාජකාරියේ හැටියට මට වෙනවා ස්වුන්ඩ් බැලන්ස් කරන්න. එක දවසක් සිංදුවක් රෙකෝඩ් කරන්න කලින් වාදකයන් දිහා බලාගෙන ඉන්නකොට මම දැක්කා දෙන්නෙක් ගහගන්න හදනවා. මම ඉක්මනට ස්ටුඩියෝ එකට ඇතුල් වෙලා දෙන්නා දෙපැත්තට කලා.
"මොකද මේ වෙලා තියෙන්නෙ, තව පොඩ්ඩෙන් මේ මයික් එකත් කැඩෙනවා ... ?" මම සැරෙන් ඇහුවා.
"මේ ගොං හරකා මගේ ගිටාර් එක කරකවලා ටියුන් එක වෙනස් කලා"
ගිටාර් වාදකයා කිව්වා.
මම ඩ්‍රම්ස් වාදකයා පැත්තට හැරිලා ඇහුවා "ඇත්තද ?" කියලා.
"හ්ම්ම් .. "ඔහු ඔලුව වැනුවා.
"දැන් මොනවා කරන්නද" මම ගිටාර් වාදකයාට කිව්වා
"ඔයාට පුළුවන්නෙ ඕක ආයෙමත් ටියුන් කරගන්න. දැන් රෙකෝඩ් කරන්න පරක්කු වෙනවා"
ගිටාර් වාදකයා මං දිහා රවල බැලුවා
"මේ ............. බූරුව මට කියන්නෙ නැහැනෙ මොන එකද කැරකෙව්වෙ කියලා"

9 comments:

  1. :D :D :D :D :D

    අයිය දැක්කෙත් කාලෙකින්........
    උඩ කතාව මං අහල තියෙන්නේ වෙන විදියකට වගෙයි මට මතක........

    ReplyDelete
  2. :D
    දෙවෙනි කථාව ටියුබ් ලයිට්නෙ ?

    ReplyDelete
  3. දෙවෙනි කථාව ලියද්දි නින්ද ගියාද

    ReplyDelete
  4. @ හා පැටික්කි : කාලෙකින් තමයි ආවෙ. සමහර වෙලාවලට බ්ලොග් කෙරුවාවත් එපා වෙනවා. මටත් කිව්වෙ හඳට ගිහින් ආපු කෙනෙක්. සමහරවිට ඇත්ත කථාව වෙනස් ඇති.

    @ තර්ඩ් මෑන් (SIDATH) : ගිටාර් එකේ ටියුන් වෙනස් කරලනෙ තියෙන්නෙ. ඉතින් වෙනස් කරපු තත අඳුන ගන්න බැහැ. ඒ නිසා ආයෙමත් හරියට ටියුන් කරගන්න බැහැ. ඒ කියන්නෙ ගිටාර් ගැහුවට ගිටාර් ගැන හරියටම දන්න කෙනෙක් නෙමෙයි.

    @ රුවන් ගේ සිතුම්... : ඇත්තටම නිදි මතේ තමයි හිටියේ. පැය 4ක් එක දිගට කථා කරලා පන ගිහිල්ල හිටියෙ.

    ReplyDelete
  5. කතා දෙකම සිරා...

    ඔය වගේ ගිටාර් ගහන අය ඉන්නව කියල හිතාගන්නත් බෑ... professional පොරක් වෙන්න බෑ මයෙ හිතේ...

    ReplyDelete
  6. @ Kasun Nadeeshana : ස්තූතියි.

    @ Madhawa Habarakada : ස්තූතියි.

    @ උන්නැහේ (පිලේ පැදුර): උන්නැහේගෙ කථාත් නියමයි. හදිස්සියෙ තමයි පිලේ පැදුරට ගොඩවෙන්නේ. ඔය ඉතින් අපි වගෙ අයගැන කියවුනු කථා තමයි.

    ReplyDelete
  7. එල එල අයියා කතා දෙකම එල. :)

    ReplyDelete