Wednesday, May 5, 2010

කැම්පස් කථා දෙකක් ..


මේවා ඉතින් මේ ලංකාවේ සිද්ධ වෙන දේවල්. බොරු කිව්ව කියල මට ඇති වැඩේ මොකද්ද ? එක වගෙ සිදුවීම් ඔය අනන්තවත් වෙන්නේ.
මේක උනේ මගෙ යාළුවෙකුට. නම අහන්න එපා. ඕන්න මිනිහ දවසක් මාතර යනවා. පිටකොටුවෙන් A/C බස් එකක නැගලා අයිනක ඉඳගත්තා. laptop එකත් අරගෙන dongle එක එහෙම ගහගෙන මිනිහා වැඩ පටන් ගත්තා. බස් එක අද්දන්න ඔන්න මෙන්න කියලා නැග්ගා ලස්සන කෙල්ලෙක්. ඉඳගත්තේ මිනිහ ලඟින්. මිනිහට දැන් ඕනේ අර කෙල්ල එක්ක කථා කරන්න. මොන කථා ද ... කෙල්ල ඉඳගත්ත වෙලේ ඉඳන් නිදි.

හැබැයි බම්බලපිටිය හරියෙදි කෙල්ල නැගිට්ටා. වතුර ටිකක් බොන්න. අපේ ගෝතයා කෙල්ල එක්ක හිනාඋනා. කෙල්ලත් හිනාවෙලා ආයෙමත් නිදාගන්න හැදුවා. නිදාගත්තොත් වැඩේ ඉවර නිසා මූ කටට ආපු එකක් කියලා දැම්මා.
"අපි පොඩි ගේම් එකක් කරමුද? මටත් කම්මැලියි"
"මොකද්ද ?"
"ම්ම්ම්ම්ම්ම්ම්......" මුට උත්තරයක් එන්නෙම නැහැ.
"මම ඔයාගෙන් ප්‍රශ්නයක් අහනවා. ඔයා උත්තර දෙන්න බැරිඋනොත් මට රු.5ක් දෙන්න. මට බැරිඋනොත් මම ඔයාට රු.50 ක් දෙනවා .... " කැලනිය කැම්පස් එකේ බුවෙක් නෙ. මොලේ තියෙනවා.
"හරි එහෙම කරමු" කෙල්ලත් කිව්වා.
මූ හිටියේ ලැප්ටොප් එක දිගඇරගෙන
"පොළවෙ ඉඳන් හඳට දුර කොච්චරද ?"
කෙල්ල මොනවත් කිව්වේ නැහැ රු. 5ක් අරගෙන අපේ බුවාට දුන්නා.
දැන් කෙල්ලගෙ වාරේ
"කකුල් තුනෙන් කන්ද නැගල කකුල් හතරෙන් කන්ද බහින සතා මොකාද ?"
අපේ බුවා හොලම්න් උනා. ඉන්ටනෙට් එක බැලුවා, යාළුවන්ට කෝල් කරලා ඇහුවා, කොහෙවත් නෑ උත්තරය.
පැයගානකට පස්සේ මූ කෙල්ලව ඇහැරෙව්වා. රු. 50 ක් අරගෙන කෙල්ල අතේ තියලා.
"මොකද්ද අනේ උත්තරය " කියලා ඇහුවා.
කෙල්ල මොකුත් කිව්වේ නැහැ. රු. 5ක් අරගෙන අපේ බුවා අතේ තියලා අනිත් පැත්ත හැරිලා නිදාගත්තා.
~~~~~~~~~~~

ඕක මහසෙන්ගෙ යාළුවෙකුට වෙච්ච දෙයක්.
මේක මහසෙන්ට උන දෙයක්
මම කලිනුත් කියල තියෙනවනෙ කැම්පස් එකේ හිටපු කාලෙ වැඩිපුරම හිටියෙ කොම්පියුටර් ලැබ් එකේ කියලා. ඕන්න ඉතින් තවත් වාත වෙවී හිටපු දවසක. අද වගේම වැස්ස. ගියා ලැබ් එකට. ඒකෙ Arts අයට ලෙක්චර්ස් තිබුනත් අන්තිම පේලිවල කට්ටිය හිටියේ නැහැ. මමත් ගිහින් අන්තිම පේලියක ඉඳගත්තා. ඉතින් වටපිට බල බල ඊමේල් චෙක් කරන ගමන් මම දැක්කා එක girl කෙනෙක් අත් දෙකම මූනෙ ගහගෙන මොනිටර් එක දිහා බලාගෙන ඉන්නවා. පැයකාලක් විතර එක දිගටම මෙහෙම ඉන්නවා.
මට ඉස්සරහ පේලිය නිසා මම ඉස්සිලා ඇහුවා
"මොකද්ද නංගි ප්‍රශ්නය " කියලා.
"දැන්ද අහන්නෙ? මම F1 ප්‍රෙස් කරලා දැන් පැය භාගෙකටත් වැඩියි. දැන්ද HELP කරන්න එන්නේ ??"
මේකි මගෙ ඇඟට කඩන් පැන්නා.

19 comments:

  1. හප්පා පට්ට කතා දෙක ..............

    ReplyDelete
  2. පලවෙනි කතාව පට්ට. දෙවෙනි කතාවනම් පට්ටම පට්ට. ඒක කියවලා මට තාමත් හිනා.

    ReplyDelete
  3. එල කතා දෙක.....හිකිස්........

    ReplyDelete
  4. :D :D

    නියම කෙල්ලෝ තමයි ඉන්නේ

    ReplyDelete
  5. අප්පට උඩු පට්ටම පට්ට

    ReplyDelete
  6. ඔන්න ඉතින් මාත් ආවා මේ මහසෙන් ගෙ ඇල උන ලෝකෙට...

    නියම කතාටික.පේනව නේද කෙල්ලන්ගේ තරම හික්ස්

    ReplyDelete
  7. හෙහෙ..නියමයි.
    එල කතා දෙක. :D

    ReplyDelete
  8. බොරු ගහන්න එපා බං වෙන සයිට් වලින් අරගෙන. තමුංගෙ නෙවෙයිනං ලැජ්ජ නැතුව කියන්න පුරුදු වෙයන්..

    ReplyDelete
  9. @ Amila : සමාවෙන්න ..
    මේ කථා මගෙ නෙමෙයි බව හැබෑව. ඒත් මේ රටාව මගෙ. ඕවා බොරු කියල හැමෝම දන්නවා.
    උඩින්ම මෙහෙමත් කියලා තියෙනවනෙ ...
    "මේවා ඉතින් මේ ලංකාවේ සිද්ධ වෙන දේවල්. බොරු කිව්ව කියල මට ඇති වැඩේ මොකද්ද ? එක වගෙ සිදුවීම් ඔය අනන්තවත් වෙන්නේ."
    "අඬන්න ඉන්න අයව හිනාගස්සන්න බැරිඋනත්, ඒ ඇඬීම මොහොතකට හරි අමතක කරවන්නයි මගේ උත්සාහය ... "

    ReplyDelete
  10. @ වැප්, අනුරාධ, ඉලංදාරියා, හෙළයා, චතුරංග රූපසිංහ, දිල්, Raven
    අනේ ඉතින් හිනා ගියානම් මට ඒ ඇති. තව සිද්ධි ගොඩයි. ඒවත් ඉතින් මෙහේ කාටහරි උන දේවල් ම තමයි. හික්ස් .. මට ලැජ්ජයි ..

    ReplyDelete
  11. අනේ මං පරක්කුද මන්දා. කැම්පස් පටන් ගත්ත හින්දයි එන්න පරක්කු වුනේ.

    මරු කථා දෙක අයියේ.

    ඒක නෙමෙයි, කැම්පස් එකේ තත්වෙ මේ දවස්වල හොඳමදි :'(

    ReplyDelete
  12. තර්ඩ් මෑන් (SIDATH)ට : මක්කෙයි ඔහෙලගෙ කැම්පස් එකේ වෙන්නෙ. ඔය 200ක් විතර අපතයො හින්ද 5000 කගෙ විතර ජීවිත අපරාදේ. ඒක නෙමෙයි. අපි හොරෙන්ම පින්තූර ටිකක් අරගෙන බ්ලොග් එකේ දාමු.

    ReplyDelete
  13. "මක්කෙයි ඔහෙලගෙ කැම්පස් එකේ වෙන්නෙ."
    අර මම කවදාවත් දැකල නෑ කිව්ව ජාතියෙ එකක් වෙන්න ඔන්න මෙන්න වගේ.

    "අපි හොරෙන්ම පින්තූර ටිකක් අරගෙන බ්ලොග් එකේ දාමු."
    ඒකනම් පට්ට අයිඩියා එක :D

    ReplyDelete
  14. හික්ස් .. මමත් ඔය උණ පඳුර විද්‍යාලයෙ නෙ මෙයා. ඉතින් අපි හොරෙන්ම ඒ අයගෙ පින්තූර ටිකක් දාමු.

    ReplyDelete
  15. වැඩේ අප්සට්. කට්ටිය සමාදාන වෙලානෙ :'(

    ReplyDelete
  16. මේ වගේ හිනා යන කතා දෙකක් ඇහුවමයි!!!! සිරා!!!! තාමත් හිනා!!!

    ReplyDelete
  17. එල..එල... මචෝ... නියම කතා දෙක මචෝ...ඒ කවුද බං මේ F1 කෙල්ල...

    ReplyDelete
  18. @ ජංජාල චාමර : එහෙමනම් නියමයි

    @ srilankan : ඒකනේ කියන්නෙ දළුගම පැත්තේ එන්නම ඕනෙ ඕව බලන්න. හික්ස් ..

    @ Ruki : මේකනෙ මචෝ. ඔයවගෙ ඒවා කොච්චර හිටියද ඒ දවස් වල. උඹටත් මතකයි නේ .. නේද ??

    ReplyDelete