Wednesday, May 19, 2010

අන්තරය, පදනම, මහා ශිෂ්‍ය සංගමය සහ කැලනියේ ඉතිරි පව් කාරයෝ ....



මේ හෙඩිමම යොදාගෙන මම ලියන්න හිටියෙ වෙනම් බ්ලොග් එකක්. ඒත් අද වෙලා තියෙන සිද්ධිය නිසා ඔය සේරම කලවමේ ලියල දාන්නම්. ගිය සෙනසුරාදා මම දැක්කා කැම්පස් කට්ටිය (පලමු වසර) මරදානේ කැට හොලවනවා. ඔය කැට වලට වෙන දේවල් ගැන මම දන්නවා උනාට වැඩිය කියවන්න යන්නෙ නැහැ. ඒත් ඔය ලෙක්චර්ස් එහෙම කට් කරගෙන කැට හොලවන්න යන අය දන්නවද දවසකට ලක්ෂ කීයක් එකතු වෙනවද කියලා. සංගමේ නෝටිස් බෝඩ් එකේ නම් පලාත් අනුව මුළු එකතුව අලවනවා. ඕනෑම කෙනෙකුට කියවලා බලන්න පුළුවන්. ඒත් ඒ හරි ගානමද? එකතු වෙන සල්ලි වලින් විවෘතව වැඩ කරන හැටි කවුද දන්නේ ......
කැට වගේම තමයි බුක් මාර්ක්. 

පදනම තමයි විද්‍යාව කරන අයගෙ මූලික පක්ෂය. ඒ පැත්තෙ තමයි චන්ඩි වැඩිපුර ඉන්නෙ. ඒවගේම වැඩිපුර ගුටි කන්නෙත් පදනමේ අය. (මේ බ්ලොග් එකෙන් පවතින දේශපාලන පක්ෂ වල හොට දැමීම් ගැන කථා නොකරමි). අන්තරය (අ.වි.වි.ශි.බ.ම) නියෝජනය කරන්නේ මහා ශිෂ්‍ය සංගමයේ අය. මේ සේරම අය කැම්පස් එකේ ඉන්නකම් කියන්නේ කිසිම දේශපාලන පක්ෂයකට නැහැ කියලයි. ඒත් ඔය සංගම් වල නායකයෝ බුරුතු පිටින් ඡන්දේ ඉල්ලනවා බලාගන්න පුළුවන්. අනේ ඉතින් අර තෙලට අහුවෙන ප්‍රෙශාලා ඕවා දන්නේ නැහැ. 
මම ගැනත් පොඩ්ඩක් කියන්නම්. මම හිටියේ සයන්ස් ෆැකල්ටි එකේ. පදනමේ එවුන්ට කියන්නේ අලයෝ කියලා. අන්තරයේ එවුන් පොද්දෝ. ඔය දෙපැත්තටම නැති එවුන් බොග උන්. මම ඔය එක පැත්තකට වත් නැහැ. වලියක් වෙනකොට ඒ මැදින් ඇවිදගෙන යන්න පුළුවන්, දෙපැත්තෙම ඔෆීස් වලට ඕනෑම වෙලාවක ගොඩවෙන්න පුළුවන් වුනු දෙතුන් දෙනාගෙන් කෙනෙක් තමයි මම. 
ඉස්සර කට්ටිය ගහගන්න හදනකොට මම මීඩියා එකේ යාලූවන්ට කෝල් එකක් දෙනවා, මෙන්න ගහගන්න යනවා කියලා. එක දවසක් අපි ඉස්සරහම ප්ලාස්ටික් පුටුවකින් ඔලුවට ගැහුවා ස්ටාෆ් කැන්ටින් එකේදී, එතන ලේ විලයි. සේරම වීඩියෝ උනා.

ඇත්තටම මේ දෙගොල්ල ගැන කථා කරන්න දෙයක් නැහැ. මෝඩ කමක් කාලය නාස්ති කරන එක. අලුතෙන් කැම්පස් එන්න ඉන්න අයට තමයි කියන්න ඕනෑ, මුන්ට අහුවෙන්න එපා කියලා. අපි උනත් අළුතෙන් Jobs වලට interview කරනකොට කැලනිය කැම්පස් නම් පොඩ්ඩක් පොඩ්ඩක් වැඩිපුර චාන්ස් දෙන්න කැමතියි. ඒත් වෙන කොම්පැනිවල අය (ඔය interview කරන ගොඩක් අය කැම්පස් ගිය අය නෙමෙයි) අහන්නේ වලි වල අලුත් තත්වය. ඉතින් අපේ අයත් රස කර කර තමන්ගෙ මතය හලල දානවා. Job එක එතනින්ම ඉවරයි. 
තුන්වෙනි කට්ටිය තමයි ඉතිරි පව් කාරයෝ. පව් අසරන දෙමව්පියෝ .........

මේක පරන වීඩියෝ එකක්

7 comments:

  1. ශිෂ්‍ය දේශපාලනය කියන්නෙ ර්ටේ දේසපාලනේ පුන්චි සයිස් එක..

    ReplyDelete
  2. බුද්ධිමතුන්ගේ රඟ !!!

    ReplyDelete
  3. ෂික් ! බලන්නකො. මේක වෙන දවසෙ මට යන්න බැරි වුනානෙ :(

    ReplyDelete
  4. @ indi : කථාව මසුරන්

    @ Thejan : ඔහොම තමයි සමහරක්

    @ තර්ඩ් මෑන් (SIDATH) : ඇයි මේ දේ වෙනකං මග බලාගෙන නේද හිටියේ. බයවෙන්න එපා ආයෙ ලඟදිම ආයෙත් එකක් වෙයි.

    ReplyDelete
  5. මචෝ මේ දේවල් වලට ආර්ට්ස් එකේ ඩීන් ඇතුලු සමහර සර් ලත් වග කියන්න ඕනා. මේ කට්තිය ආන්ඩුව කියන විදියටත් තවත් සමහර අය JVP එක කියන විදියටත් වැඩ කරනවා. ඒත් දැන්(after Dec2009) ඒක SCIENCE ෆැකල්ටි එකටත් බෝ වේගෙන එන්නේ. දැන් ඉතින් ඔක්කොම ඉවරයි.

    ReplyDelete
  6. u r right bro... & u 2 @srilankan...

    ReplyDelete
  7. This comment has been removed by the author.

    ReplyDelete