Thursday, June 3, 2010

මේක චූ කතාවක් ...


ඉංජිනේරුවෙකුයි ලෝයර් කෙනෙකුයි පියන් කෙනෙකුයි ටොයිලට් එකක (එහෙමත් නැතිනම් වොෂ් රූම් එකක) චූ කර කර හිටියා. දන්නවනෙ පිරිමි අයට තියෙන ටොයිලට් ගැන.
ඉංජිනේරුවා මුලින්ම වැඩේ ඉවර කලා. සිප් එක එහෙම හදාගෙන අත් දෙකම හෝදගන්න පටන් ගත්තා. 
වැලමිට ලඟට යනකම්ම හොඳට හෝදගෙන ටොයිලට් පේපර් 20කින් විතර අත් දෙකම හොඳට පිහ ගත්තා. 
ඊට පස්සෙ අනිත් දෙන්න දිහාට හැරිලා මෙහෙම කිව්වා.
"මම ඩිග්‍රිය ගත්තෙ මොරටුවෙන්. එහෙදි අපිට කියල දීල තියෙනවා හරියට පිරිසිදුව ඉන්න ඕන විදිය"
ඊට පස්සෙ ලෝයර් සිප් එක දාගෙන ඉක්මනට ඇඟිලි තුඩු තෙමාගෙන එක ටොයිලට් පේපර් එකකින් ඇඟිලි පිහින ගමන් කියනව
"මම ඩිග්‍රිය ගත්තේ කොලඹ කැම්පස් එකෙන්. එහෙදි අපි ඉගෙනගත්තා පරිසරයට හිතකාමීව වැඩක් කරන්නෙ කොහොමද කියලා"
පියන් සිප් එක දාගෙන ෂර්ට් එක යටකර කර එලියට යන ගමන් මෙහෙම කියාගෙන ගියා
"මම ඩිග්‍රිය ගත්තෙ කැලනියෙන්. එහෙදි අපි ඉගෙන ගත්තා අතේ නොගෑවී චූ කරන්නෙ කොහොමද කියලා"



17 comments:

  1. මට තේරුනෙත් නෑ හිනා ගියෙත් නෑ....

    ReplyDelete
  2. ela ela!! oya kathawama wena widihakata ahala thiyanawa

    ReplyDelete
  3. හක් හක් හා..
    ජපුරේ අපි මක්කා කියන්නද? ම්ම්ම්..

    'අපි දන්නවා ටොයිලට් නැතුවත්, චූ කරන්න'

    ReplyDelete
  4. RSS feed ekak daganna...so we can read your posts from google reader

    ReplyDelete
  5. අපි කැම්පස් ගියෙත් නෑ.
    චූ කරන්න නම් ඕන පොඩි එකෙක් දන්නවනේ.
    ඕකට කැම්පස් ගාව ගන්නෙ මොකටද?

    ReplyDelete
  6. @ Kanishka | කණියා, Shiroshan Randika : මරුනම් ඒ ඇති.

    @ indi : මල කෙලියයි.

    @ blog gadol : කපුටු පිහාට්ට සහ කාක්කො 7 දෙනාගෙ කතාවටත් ඕකනෙ උනේ. මමත් ඉතින් පොඩ්ඩක් වෙනස් කරලනෙ ලියන්නෙ.

    @ .::පිස්සා::. : ජ'පුර ගැන කතාවක් තියෙනවා. ඒක මම පස්සෙ කියන්නම්. අනිත් එක තමයි මම ජ'පුර කැම්පස් එකට නිකමටවත් ගොඩවෙලා නැහැ.

    @ nuwan darshana : ස්තූතියි මේ බ්ලොග් එක ගැන උනන්දු වෙනවට.RSS feed එකක් නම් දාල නෑ තමයි. මම ඒකත් වෙනම ඇඩ් කරන්නම්. හැබැයි බ්ලොග් එක follow කලානම් google reader එකේ බලන්න පුලුවනි.

    ReplyDelete
  7. @ ගයාන් තාරක : ඒකත් ඇත්ත තමයි. ඒත් සමහර අය අනාගන්නවනෙ. මේ දවස් වල ඔය හැම තැනම වලි තියෙන නිසා තමයි කැම්පස් කතා මතක් උනේ.

    ReplyDelete
  8. මෙන්න මෙයත් චූ කතා කියන්න පටන් අරන්. හපෝ... මුළු බ්ලොග් අවකාසෙම ගන්ධස්ථාරෙ බෑ... :P

    මරු කතාව !
    හැබෑටම අයියෙ, කැළණියෙ කීවෙනි අවුරුද්දෙදිද ඕක උගන්නන්නෙ ? ;)

    ReplyDelete
  9. හැබෑවටම නේ? අරුන් දෙන්නා ගැන අවංකවම දුකක් ඇතිවෙනවා.

    ReplyDelete
  10. කැලණියෙන් degree එක අරන් out වෙන අයට පියන් කම ඇර වෙන ජොබ් එකක් දෙන්න බැරිබව මල්ලි හොඳටම දන්නවා නේද?

    ReplyDelete
  11. එල එල....කැලනියට පොඩි අපහාසෙකුත් කරලා නේද?

    ReplyDelete
  12. කැලණි කැම්පස් එකේ ඉන්නේ වැඩකාරයෝ වගේ :)

    ReplyDelete
  13. @ තර්ඩ් මෑන් (SIDATH) : හැමෝම කියන එකේ චූ කතාවකුත් කියන්න හිතුනා. අනික ඔය කැම්පස් වල මේ දවස්වල පොඩි පොඩි රංඩු දබරනෙ, ඒකයි. හැබැයි චූ කරන හැටි උගන්නන වසරනම් දන්නෙ නැහැ. ඒක කෙනාගෙන් කෙනාට වෙනස් වෙනවා.

    @ änthräX : අනිවා ...

    @ Priyanga : ආන්ඩුවෙ රස්සා ඉල්ලලා වැඩිපුරම කෑගහන්නෙ කැලනියෙ අයනෙ. අනික ඔය රැකියා විරහිත සංගමයේ කැඳවුම්කරුත් කැලනියේ තමයි.

    @ ඉලංදාරියා : ඩිග්‍රි තියෙන පියන්ල වැඩිපුරම පිටවෙන්නෙ කැලනියෙන් ... :))

    @ Hasitha : සහතික ඇත්ත.

    ReplyDelete
  14. @ Priyanga: Well said bro...

    ReplyDelete