Monday, May 10, 2010

සරසවි බිමෙන් සමුගන්නට පෙර තැබූ සටහන් 4ක් . (උපුටා ගැනීමකි) 2

පොත Tගෙ. T හිටියෙ අපිත් එක්ක කැලනිය කැම්පස් එකේ. එයාගෙ අවසරය මත සංස්කරනය නොකල සටහන් පෙලෙ දෙවැන්න .....
විහාරමහාදේවි අපේ A-11 දී ...
ආදර T
ආගන්තුකයෙක් විදිහට A-11 ට ආපු මට ඔයා ආදරෙන් සැලකුවා. ඉතිං කොහොමද මට ඔයාව අමතක වෙන්නෙ. එක දවසක් මමයි ඔයයි විතරක් රූම් එකේ හිටියා. ඒ දවස්වල අපි වැඩිය කථා කරලා තිබුනෙ නැහැ. ඒත් උඹ මට එදා හුඟක් කල් ඉඳලා අඳුරන මිතුරියකට වගේ සැලකුවා. මට පාඩම් කරන්න කිය කියා උඹ එදා වෙන වැඩ. උඹ විනාඩි පහක් විතර පාඩම් කරනවා. වැඩිපුර නැගිට නැගිට ඇවිදිනවා. මම එදාම තේරුම් ගත්තා T මහන්සි වෙලා පාඩම් කරන හොඳ ලමයෙක් බව.
අපේ අන්තිම විභාග දවස්වල මම වැඩි කාලයක් හිටියෙ ඔයාලා එක්ක. ඔයා පුස්තකාලයට ඇවිල්ලා මමයි, අනුයි, මංජුයි පාඩම් කරනකොට මගේ ඇස් වහනවා. මම ඔයාගේ අත් දෙක අතගාල බලල T කියලා අඳුන ගන්නවා. කුවේණිගෙන් බැනුම් අහයි කියලා උඹ අපිව නිශ්ශබ්ධ කරනවා. දොර වහනවා. උඹ අපි හැමෝගෙම ලෙඩ දුක් ගැන බලලා අපිට සැලකුවේ අම්මා කෙනෙක් වගේ.
උඹ පාඩම් කරන ගමන් නිදි කිරන හැටි, මනෝජගෙ වෝක්මන් එක කනේ ගහගෙන අපි සිංදු අහපු හැටි, උඹ දවසක් "රෑට කමු අපි වම්බටු" සිංදුවට නටපු හැටි, උඹ ජීවිතේ එපාවෙලා වගේ පාඩම් කරපු හැටි. මේ දේවල් කවදාවත් අමතක වෙන්නෙ නැහැ නේද T ?
උඹනම් හරියන්නෙ S ටම තමයි.
මේ සුන්දර මතකයන් සමගම මේ පුංචි මිතුරියත් ඔයාගේ මතකයේ සදා රැඳේවායි පතමි. ඔයාටයි S ටයි සාමය සතුට පිරි සුබ දිවියකට ආසිරි පතන මා
ආදරණීය මිතුරිය
C
~~~~~~~~~~~~~~~
නේවාසිකාගාරය,
සොයුරිය T
ඇරයුමක් නොලදත්
නුඹේ සමරුවේ
සටහනක් තබන්නට
මසිත කුළු ගැන්වූයේ
සරසවියේදී මා
නුඹ තුලින් දුටු
අව්‍යාජ වූ සිනහවමය

ඔබ දෙදෙනාට සොඳුරු
සුවබර අසපුවක
ලැගුම් ගන්නට ශක්තිය 
නිබඳවම ලැබේවා

මම T
(Rගෙ යාළුවා)
~~~~~~~~~~~~~~~~

උඹල යනවැයි මචං
ආයිත් එන්න අයියෝ
(ඇවිත් යන්න එන්න)
T,S අපිට පාළුයි අයියෝ
එහෙනං
සුබ අනාගතයක්
අපි 
V, R
~~~~~~~~~~~~~~~

ගියාට කමක් නෑ
අයියෝ ...
කිරි මුට්ටියකුයි කජු මාළුවකුයි
අරං වරෙං මචෝ
(අපිව බලන්න)

මේ 60 දශකයේ පොත
හොයාගත්තේ කොහෙන්ද
මචෝ ....
අනේ අයියෝ මටත්
එකක් ගෙනත් දෙන්න
H
~~~~~~~~~~~~~~~~~
පිංතූර මූනු පොතෙන්

5 comments:

  1. අයියො........අහම්බෙන් මේක දැක්කෙ. මට ඔයාගේ පෝස්ට් පෙන්නන්නේ නෑනෙ. සමාවෙන්න පරක්කු උනාට. හොඳද

    මේ බැජ් එක මොකද්ද කිවෙ නෑනෙ. මගෙත් තියෙනවා මේ වගේ ලොයපු ඒවා ටිකක්. අපේ සෙට් එක අන්තීම දවසෙ CR පොතක් පිරෙන්න ලියලා තිබ්බ. එක කොල්ලෙක් ලිටලා තිබ්බා දිල් මම ඔයාට ආදරෙයි කියලා ...හික්ස්

    ReplyDelete
  2. @ හෙළයා : එඩිට් නොකරම දැම්මා ..

    @ දිල් : අයියෝ මොකද ඒ දිල්ට පේන්නේ නැත්තේ. google reader නෙමෙයිද කියවන්නේ ... කමක් නැහැ. ඉඩ තියෙන වෙලාවක ගොඩ වෙලා යන්න. මොනව හරි තියෙයි.
    මට මතක හැටියට මේ අයගෙ කොන්වකේශන් එක තිබ්බේ 2003/ 2004 ... ඉතින් අර කොල්ල අන්තිම මොහොතෙ හරි කිව්ව නේ ..

    ReplyDelete
  3. එල..එල... මචෝ... I never expect to see my photo in someones blog...It's Awesome....

    ReplyDelete
  4. yes it's awesome . ඒ කාලෙ .. කොපිරයිට්ස් වලට නඩු නම් දාන්න එපා. සල්ලි නැහැ.

    ReplyDelete