Tuesday, May 29, 2012

මගේ පරන බ්ලොග් අඩවියෙන් (v) - යල් පැන ගිය මගේ කවි (i) ....


කැම්පස් එකේ පලමු වසර ගැන ලියන්න ඕනේ කියල තමයි ඉඳගත්තේ. ඒත් මගේ පරන බ්ලොග් එකක් මතක් උනා. ඒකේ තියෙන්නේ කවිම නොවුනත් කැම්පස් එකේ අහපු දැකපු ඒවා. ඉතින් මට හිතුනා ඒකෙන් දෙක තුනක් අරගෙන මෙතන දාන්න ඕනේ කියලා. මගේ විශේෂ ඉල්ලීම මේ දේවල් (මේවා කවි නෙමෙයි හොඳේ) කියවලා ඒ දවස් වලදී මම දැක්ක දේවල් ගැන පොඩි රූපයක් මවා ගන්න කියන එකයි.

Gym Canteen
හෝ මාමා එබී බලයි
සමග තවත් පස් දෙනෙක්,
එල්ලී කැන්ටිමේ (බිත්තියක)
phone business ය
සමාජවාදී නියමුවෝ
[ටික දිනකට පසු මේ pictures පුච්චා දමා තිබෙනු දක්නට ලැබින]

අලුත් නැවක් ඇවිත් ...

ඇත නෙක පොත්, රාක්ක වල
අතවත්

Tuesday, May 15, 2012

මගේ පරන බ්ලොග් අඩවියෙන් (iv) - සමුගන්නට මොහොතකට පෙර (i) එක්තරා සටහන් ටිකක්

මුලින්ම කියන්න ඕනෑ මේ පොත මගේ නෙමෙයි. (හැබැයි කාගෙද කියල අහන්න එපා, ඔයාලට තේරුම් ගන්න පුලුවන්). හැබැයි මේ පොතේ මෙහෙම දේවල් තියෙන්න ඕනෑ කියන අදහස මගේ. පොතේ අරමුන උනේ; යාළුවෝ කැම්පස් එකෙන් අයින් උනාම ආගිය අතක් නැති වෙනවනේ. ඉතින් මට ඕනෑ උනේ ඒ අයගෙ ගෙවල් වලට යන පාරවල්, විස්තර එකතු කරවන එකයි. T මගෙන් ඇහුවා ගැලපෙන ක්‍රමයක්. මම පොතක් T ට දීලා කිව්වා ඒවා ගන්න කියලා. ඒ අතර තිබ්බ සමහර දේවල් ටිකක් මම මෙතන දාන්නම්. මේව මේ මම ගැන කියපුව නෙමෙයි. T ගැන කියපුවා.

Wednesday, May 9, 2012

මගේ පරන බ්ලොග් අඩවියෙන් (iii) - කැම්පස් එකේ ජීවිතයෙන් ටිකක් (කෙටියෙන්) ...


මම ගියේ කැලනිය කැම්පස් එකට. කලින් දවසක ඇවිත් වේවැල්දූවෙන් ඇනෙක්ස් එකක් කුලියට ගත්තා. මුල්ම දවසේ තාත්තත් එක්ක වාහනයෙන් ඇවිත් කැම්පස් එක ඉස්සරහින් බැස්සා. බැහැලා වාහනය යවලා පාර අයිනට වෙලා ටිකක් බලාගෙන හිටියා. කට්ටිය මාර ඇක්ටිව්. මම ඩෙනිම්/ ටී ෂර්ට්/ ඩෙක් ෂූෂ් විදිහෙ කෙනෙක්. මම දැක්කා ගම්පහ ගෙල්ට් එකට ආපු අය කාන්ඩ පිටින් එනවා. මම ඒ අයත් එක්ක ගියේ නැහැ. ටිකක් බලාගෙන ඉඳලා තනියම කන්ද නගින්න පටන් ගත්තා.
හිතේ චකිතයක් තිබුනත් ඒක පෙන්නුවෙ නැහැ. ඔන්න ටික දුරක් යද්දි ජේෂ්ඨ කට්ටිය මොකද්ද හෑන්ඩ් බිල් එකක් බෙදනවා. මම ඒ ලඟින් යනකොට මට ඒක දික් කරලා ආයේ ඇදලා ගත්තා. මම හිතුවා "නියමයි.

Tuesday, May 8, 2012

මගේ පරන බ්ලොග් අඩවියෙන් (ii) - සරසවි කුරුටු ගී ..... (ii)

Published on

2010-04-15 21:47
කලින් ලිපියට ලැබුන ප්‍රතිචාර ඉහලයි. ඒ නිසාම නොවුනත් තවත් කවි ටිකක් ඇතුලත් කරන්න ඕනෑ කියලා හිතුනා. කුරුටු ගී උපුටා ගත් ස්ථාන නාමත් සමගින් තවත් පොතක තිබී හමුවුනා. ඉතින් දැන් ඕනෑම කෙනෙකුට පුලුවනි මේ තැන් වලට ගිහිල්ලා ඒවා තවමත් තියෙනවද කියලා බලන්න.
මේ තියෙන්නේ මම තෝරා ගත්ත තවත් කවි කීපයක්. පොත හොයාගෙන කියවන්න බලන්න. එතකොට සරසවි ජීවිතය ගැන තවත් ගොඩාක් විස්තර දැන ගන්න පුලුවනි. 

Thursday, May 3, 2012

මගේ පරන බ්ලොග් අඩවියෙන් (i) - සරසවි කුරුටු ගී ..... (i)

අලුත් අවුරුද්ද ලං වෙද්දි පරන පොත් කබඩ් එක අස් කරනකොට පොඩි පොතක් හම්බ උනා. ඉතින් මේ බ්ලොග් එකේ තියෙන කවි ඒ පොතෙන් උපුටා ගැනීමක්. අයිති කාරයෝ කවුද දන්නෙ නැහැ. ඒත් මේ පොත හදල තියෙන්නෙ කැලනිය විශ්ව විද්‍යාලයේ කලා පීඨයේ 97/98 අධ්‍යයන වසර (ප්‍රථම වසර ) කට්ටියක්.
මේ මම තෝරාගත් කවි කීපයක් ...

Wednesday, February 29, 2012

ඇත්තටම ගෑණුන්ට ඕනෙ මොනවද ??


ඕන්න එකමත් එක රටක රජෙක් හිටියා. එයා එක දවසක අල්ලපු රටේ මොනවද කරන්න ගිහිල්ලා අහුවෙලා හිරේ වැටුනා. ඒත් රජාගෙ තරුන කම ගැන හිතපු ඒ රටේ රජා, මේ රජාව මරන්නෙ නැතුව නිදහස් කලා. හැබැයි කොන්දේසියක් පිට.