Tuesday, June 15, 2010

ආදරය මේ වගෙයි ... සත්‍ය සිදුවීම් ඇසුරින් ..

මේ බ්ලොග් එකේ කවදාවත් කථා කරල නැති දෙයක් ගැන තමයි අද කියන්න යන්නෙ. මේවා මට හම්බවුනේ මම කියවන වෙන බ්ලොග් වගයකින්. මේ ඇත්ත කථා හතර කියවලා ඔයාලට ආදරය ගැන මතක් කරල දෙන එක තමයි මගේ බලාපොරොත්තුව. ඔයාගෙ ඇහේ පුංචි හරි කඳුලු බිංදුවක් මතු නොවුනොත් ඔයා දන්නෙ නැහැ, 
ආදරය කියන්නෙ මොකද්ද ? කියලා .....

Monday, June 14, 2010

ටයිටැනික් නැව ගිලෙන්න අවු.14 කට කලින් ලියවුනු ඒ හා සමාන කථාව ..

1898 දී, ඒ කියන්නේ ටයිටැනික් නැව ගිලෙන්න අවුරුදූ 14 කට කලින්, මෝගන් රොබට්සන් ලියල තියෙනව පොතක් "ටයිටෑන්" කියල, ඒකේ කියවෙන්නෙ අයිස් පරයක හැපිල ගිලෙන නැවක් ගැන.



පොතේ නම Futility or The Wreck of the Titan. ඊටත් වැඩිය සමානකම් බොහෝයි. අයිස් පරයක හැපිල ගිලෙන එක, පොතේ ටයිටෑන් ඇත්ත නම ටයිටැනික්, නැව් දෙකේම දිග අඩි 800යි, නැව් දෙකම ගිලුනෙ උතුරු අත්ලාන්තික් සාගරයේ, නැව් දෙකේම හිටිය 3000ක් ඒත් ඇතිවෙන්න බෝට්ටු තිබුනෙ නැහැ, පොතේ නැවෙන් මියගියේ 2500යි, ඇත්ත නැවෙන් මියගි‍යා 2208ක්.
සමාන කම් වගේම වෙනස් කමුත් ගොඩක් තියෙනවා.
මේ ගැන වැඩි විස්තර දැනගන්න මෙතන ක්ලික් කරන්න.


Monday, June 7, 2010

දහ අට සන්නියට සමගාමීව DJ කලෙමි


හිතාගන්න බැරි උනත් මෙහෙම සිද්ධියක් උනේ කැලනිය කැම්පස් එකේදී. අවුරුද්ද 2006 වගේ තමයි මතක. කැම්පස් එකෙ සයන්ස් ෆැකල්ටි එකේ DJ පාටි එකකට DJ කෙනෙක් අපේ ආයතනයෙන් ඉල්ලලා තිබුනා. අපි ඒකට කිසිම මුදලක් අය කරන්නෙ නැහැ. සවුන්ඩ්, ලයිට් එහෙම අපි දෙන්නෙ නැති නිසා ඒ අයට පිටින් අරගන්න කිව්වා. ඒගැන අපේ කිසිම සම්භන්ධයක් නැහැ. එදා දවසෙ මම free නිසා මට තමයි යන්න උනේ. මමත් කැමැත්තෙන්ම ගියා, මොකද අවුරුදු 3 කට වැඩිකාලයක් ජීවිතේ ගෙව්ව තැනනෙ. කොහොමත් ඔයවගෙ තැන් වලට යද්දි මගෙ laptop එක තමයි අරගෙන යන්නෙ. office එකෙන් transport එකක් දාලා තිබුනා. මගේ තනියට තවත් සගයෙකකායතනයෙන් ආවා. පොරත් කැලනියෙම තමයි.
මම හිතුවෙ DJ එක තියෙන්නෙ Gym Canteen එකේ කියලා. එහෙම තමයි අපිට කියලා තිබුනේ. ඒත් කැම්පස් එකට ගියාම අපිට කිව්වේ, ධර්මාලෝක ශාලාවේ තමයි තියෙන්නෙ කියලා. මොනවා කරන්නද, බැනර්, පෝස්ටර්, ඊතල ගහලා තිබුන නිසා කරන්නම වෙනවනෙ.
අපි කැම්පස් එකට ගි‍යෙ හවස් වෙලා. වගකිව යුත්තෙක්ගෙන් හේතුව ඇහුවම කිව්වේ. Basketball Ground එකේ දහඅට සන්නියක් තියෙන නිසා,  ධර්මාලෝකෙට මාරුකලා කියලා. ඉතින් මම ඇහුවා එහෙම එකක් තියෙන දවසක ඇයි මෙහෙම DJ එකක් organize කලේ කියලා. එයා කිව්වා කලින්ම dates දාගත්තෙ DJ එකට, දහඅට සන්නියක් ගැන එතකොට දන්නෙ නැහැ කියලා. එතකොට අවසර දෙන අය දැනගෙන හිටියෙ නැද්ද ??
මම ඉතින් මොනවා කරන්නද? මට තේරුනා එනපොට හොඳ නැතිවග. මොනවහරි සිද්ධියක් උනොත් අපේ ආයතනයටත් හරි නැහැ. ඒක පිටින් යයි සේරම. එහෙම හිතලා මම බය උනා. මම මගේ සගයත් එක්ක තීරනය කලා මහා ශිෂ්‍ය සංගමයෙ සභාපති හම්බවෙන්න.
අපි දෙන්නා Gym කැන්ටින් එක හරහා ගිහින් පඩිපෙල දිගේ උඩට ගොඩඋනා. සභාපති හාමුදුරු කෙනෙක්. වටපිට බලද්දි අනිත් අය යමරෙට වැඩ. මම මගෙ Company ID එක පෙන්නල කතාව පටන් ගත්තා. හාමුදුරුවොත් කිසිම චකිතයක් නැතිව කතාවට ඉඩ දුන්නා. මම කිව්වා මමත් මෙහෙන් පිටඋන කෙනෙක් බව. මගෙ ඉල්ලීම උනේ වලියකට පලවෙනි වෙඩිමුරය මේ පැත්තෙන් වෙන්න ඉඩ තියන්න එපා කියලා. හාමුදුරුවො කිව්වෙ එහෙන් පටන් ගත්තොත් කරන්න දෙයක් නැතිබව. පලමු වෙඩි මුරය නොතියන බවටත් උන්වහන්සේ පොරොන්දු උනා. අනිත් කොන්දේසිය DJ සද්දේ Gym එකට නොඇසිය යුතු බව. 
ඊට පස්සෙ සයන්ස් අයටත් අපි කිව්වා කොන්දේසි ටික. ඒ අයත් එකඟ උනා. එහෙම නැත්නම් අපි යන බව දැන්වුවා.

ඔය මොනව කිව්වත් මට මේ දෙගොල්ල ගැන මට තඹ සතේකවත් විශ්වාසයක් තිබ්බෙ නැහැ.
රෑ 8 ටත් ටිකෙන් ටික ලං උනා. ඒත් මේකට කිසිම කෙනෙක් එන පාටක් නැහැ. අපිට බත් පැකට් වගයක් දීලා තිබුනා. ඒවත් ඉවර කලා. ධර්මාලෝකෙන් එලියට බැහැලා බලද්දි දැක්කා කට්ටිය ඈතින් ඉන්නවා, ඇතුලට එන්න චකිතයෙන් වගේ. මම කිව්වා එලියට ගහලා තියෙන Flash එක off කරන්න කියලා. ඊට පස්සෙ මම Stage ඒකට නැගලා, Laptop එක එහෙම set කරගෙන හීනි music එකක් දාලා බලාගෙන හිටියා. විනාඩි 10ක් ඇතුලත හෝල් එක පිරුනා. 
ඉතින් මමත් වැඩ පටන් ගත්තා. කට්ටිය හොඳට Dance කලා. Gym එකේ එලි‍යෙ දහඅට සන්නිය, මෙතන ධර්මාලෝකෙ DJ Night එකක්. ඕන්න කැලනිය සරසවි‍යෙ තත්වය. මම mic කරද්දි කිසිම විදියකින් ඇඟෙව්වෙ නැහැ මමත් ආදි ශිෂ්‍යයෙක් කියලා.
Show එක ඉවර කරපු ගමන් අපි පිටඋනා. කිසිම වලියක් ගියේ නැහැ.
(ඒත් කියන්න කනගාටුයි, පස්සෙ ආරන්චි උනා Sounds/ Lights වලට මෙයාලා දීලා තියෙන්නෙ Advance එක විතරයි)
මේ තමයි මගේ දහඅට සන්නියට සමගාමීව DJ කිරීම


(විශේෂ ඉල්ලීම : කොමෙන්ටු දමද්දී මම වැඩ කරන ආයතනය හා මම ගැන නියම විස්තර සඳහන් නොකරන මෙන් ඉල්ලා සිටිමි)

Sunday, June 6, 2010

ශ්‍රී ලංකාවෙ කෙනෙක් හඳුනාගත හැකි ක්‍රම ටිකක් (sure n shot)

ලෝකෙ පුරාම කරක් ගහන අපට බැලූ බැල්මට ලංකාවෙ ඉපදුන කෙනෙක්ව අඳුන ගන්න අමාරුයි. ඒත් අදින් පස්සෙ ඒක එහෙම වෙන්නෙ නැහැ.
ශ්‍රී ලාංකිකයන් ඕනෑම තැනකදී අපට හඳුනා ගත හැක.
ඒ පහත දැක්වෙන කරුනු වලිනි
1. කන කෑම වේලක මිරිස්, ළූනු, සුදු ළූනු වලින් සමන්විත නම්
2. තෑගි ඔතපු කොල, තෑගි ඇසුරුම් පෙට්ටි, ඇලුමිනියම් කොල ආයෙමත් පාවිච්චියට අරන් තබාගෙන ඉන්නවානම්
3. දත් අස්සේ රැඳුනු කෑම කැබලි දිව යොදා ගනිමින් ඉවත් කිරීමට උත්සාහ ගන්නා අතර මුවින් "ට්ෂික්හ්" ශබ්ධය පිට කරයි නම්
4. ගුවන් තොටුපලේ , ඉතා විශාල ප්‍රමානයේ සූට් කේස් දෙකක් සමග රැඳී සිටිනවානම්
5. පාටියකට පැයක් හෝ දෙකක් ප්‍රමාද වී පැමින එය සාමාන්‍ය යැයි සිතන්නේ නම්
6. සීල් එක නොවැදුන මුද්දර ගලවන්නේ නම්
7. කොමොඩ් එක ලඟින් ප්ලාස්ටික් කෝප්පයක් තබා තිබේ නම්
8. ලමයින්ට එක වගේ නම් දමා ඇත්නම් (උදා : අමල්, කමල්, බිමල්)
9. හැම ලමයටම සුරතල් නම් (ඇත්ත නමට කොහෙත්ම නොගැලපෙන) දමා ඇත්නම්
10. "කෑම ගෙනයාම තහනම්" යනුවෙන් සඳහන් කොට ඇති තැන් වලට හපන්න මොනවා හෝ රැගෙන යන්නේ නම්
11. ගෙදරකින් පිටව යාමට සමුගෙන, ඒත් දොරකඩ හෝ ගේට්ටුව ලඟ තවත් පැයක් පමන කථා කර කර ඉන්නේ නම්
12. තමන්ගේ කාරයට ඇතුල් කරගත හැකි උපරිමයටම මිනිසුන් නංවා ගන්නේ නම්
13. පොලිතීන් වැනි දෑ භාවිතා කර අලුත් භාන්ඩ (ටී.වී, රිමෝට්, පුටු කවර, ..) ආදිය ආරක්ෂා කරන්නේ නම්
14. දෙමව්පියෝ තම ලමයින්ට, ලමුන්ගේ යාළුවන් මොනවා හිතුවත් කමක් නැහැ කියන අතර දෙමව්පියන්ගේ යාලුවන් මොනවා හරි හිතාවියැයි සිතා යමක් කිරීම වලක්වන්නේ නම්


15. රයිස් කුකර් එකක් තිබීම අත්‍යාවශ්‍ය යැයි සිතන්නේ නම්
16. අවුරුදු 40 පහුවුන දූ දරුවන්ද තම දෙමව්පියන් සමග එකට ජීවත් වන හා ඒ ගැන දෙමව්පියන්ද ඉතා කැමැත්තක් දක්වන්නේ නම්
17. ඒ තමාගේ දුව නොවේ නම්, කාගේ දුව කාගේ පුතා එක්ක පැනලා ගියේද යන්න දැනගැනීම සහ එය අන් අයට පැවසීම තමන්ගේ රාජකාරිය යැයි සිතන්නේ නම්
18. පැය ගනන් ගතවෙන ෆෝන් කෝල්ස් ගන්නේ රෑ 10න් පසු නම්
19. ගෙදරින් පිට ජීවත් වෙන පුතාට රෑ 12 ට කෝල් එකක් දුන්නත් "කාලද ඉන්නේ ?" කියලා අසන්නෙ නම්
20. තවත් ශ්‍රී ලාංකිකයෙක් ලෝකේ කොතනකදි හමුඋනත්, විනාඩි කිහිපයක කතා බහකින් පසුව ඔවුන්ගේ සහ තමන්ගේ නෑදෑකම සොයාගත හැකිනම්
21. IDD කෝල්ස් ගන්නා විට තරමක් ශබ්ධ නගා කතා කරන්නේ නම්
22. සෝෆා එකේ කුනු ගෑවෙන නිසා බෙඩ් ශීට් දමා ඇති නමුත් ඇඳේ බෙඩ් ශීට් මාස ගනනකින් සෝදා නොමැතිනම්
23. තමන්ගෙ වෙඩින් එකට අඩු ගනනේ 600 කටවත් ඉන්වයිට් කරන්න බැරිඋනොතින් දුක් වෙන්නේ නම්
24. කසාදයක් ගැන කතා කරද්දී තමන්ගේ දුව (පෙනුම කොහොම උනත්) සුදුයි කෙට්ටුයි ලස්සනයි කියන්නේ නම් ;
එයා ශ්‍රී ලාංකිකයෙක් ....


මේ කරුනු ටික ආසාවෙන් කියවන්න හේතුව මේවායින් කිහිපයක් හෝ සේරම හෝ ඔයාට ගැලපෙන හන්දා නේද ??
ඒ කියන්නේ ඔයත් ශ්‍රී ලාංකිකයෙක් ... එහෙම නේද ???



Saturday, June 5, 2010

පලමු වසරේ අනිවාර්‍ය රාජකාරිය හෙවත් කැට සෙලවීම

මේ දවස්වල මහසෙන්ට හැදිල තියෙනව නපුරු උනක්. දවස් දෙකෙන් කටහඬත් අවුල් වෙලා. ඉතින් බ්‍රහස්පතින්දා ලෙඩ නිවාඩු දාලා සිකුරාදා ආයෙමත් වැඩට ගියා කරන්න තියෙන වැඩ ඉවරකරන්න හිතාගෙන. ඒත් ඉතින් හරියට වචන පිටවෙන්නෙත් නැතිව මොන වැඩද ? අනිත් අයටත් බෝ කරන්නෙ නැතිව ගෙදර යන්න කියල ඉහලින් නියෝගයක් දුන්නා. මමත් ඉතින් ආ පයින්ම ආපහු ගියා.

ඕන්න ඉතින් බොරැල්ලෙදි බස් එකට නැග්ගා කැට හොලවන කට්ටියක්. මේ කට්ටිය දොස්තරල වෙන්න ඉන්න කට්ටිය. පුද්ගලික වෙද විදුහල් සංකල්පයට එරෙහිවෙලා ඒ වෙනුවෙන් ආධාර කරන්න කියලයි කියන්නෙ. ඉතින් බස් එකේ ඉන්න සමහර අය කැටවලට සල්ලි දානවා. ඒ අයට මුද්‍රිත කොලයක් ලැබෙනවා. මට ලැබුනෙ නැහැ.
දන්නෙ නැති නිසයි අහන්නෙ, ඇත්තටම මේ සල්ලි යොදාගන්නෙ පිකට් වලට, පෝස්ටර් ගහන්න, එහෙමත් නැත්නම් පෙලපලිවල ගෙනියන්න මිනී පෙට්ටි ගන්නද ??

ඇත්තෙන්ම මේ දේවල් වලින් ජනතාව දැනුවත් වෙනවා තමයි. ඒත් ඒ දැනුවත් කිරීම මදි බවයි මට හිතෙන්නෙ. අඩුගානෙ බස් එකට නැගල කැට දික්කරනකොට කරන දේශනේවත් පැහැදිලිව කරනවා නම් බහුතරයක් පොදු ජනතාව මේ අයත් එක්ක ඉඳියි. අනික ඔය කැටවලට එන්නෙ පලමු වසරෙ අය. කෝ අනිත් අය. ????
කමක් නැහැ දොස්තර උනාට පස්සෙවත් ඔය කැට වලට සල්ලි දාන පොඩි මිනිස්සු ගැන හිතලා, බේත් තුන්ඩු ලියද්දි, මිල අඩු ඒවා ලියන්න. අනේ අසරන මිනිස්සුන්ව බේත් මුදලාලිලාගේ උගුල් වලට බිලි දෙන්න එපා.

පසුවදන :
කොම්පියුටර් දැනුමත් කැම්පස් වලින් පිට නොදී හිටියනම් අපට තවත් IT කට්ටිය අඩු වෙනව නේද ??

Thursday, June 3, 2010

මේක චූ කතාවක් ...


ඉංජිනේරුවෙකුයි ලෝයර් කෙනෙකුයි පියන් කෙනෙකුයි ටොයිලට් එකක (එහෙමත් නැතිනම් වොෂ් රූම් එකක) චූ කර කර හිටියා. දන්නවනෙ පිරිමි අයට තියෙන ටොයිලට් ගැන.
ඉංජිනේරුවා මුලින්ම වැඩේ ඉවර කලා. සිප් එක එහෙම හදාගෙන අත් දෙකම හෝදගන්න පටන් ගත්තා. 
වැලමිට ලඟට යනකම්ම හොඳට හෝදගෙන ටොයිලට් පේපර් 20කින් විතර අත් දෙකම හොඳට පිහ ගත්තා. 
ඊට පස්සෙ අනිත් දෙන්න දිහාට හැරිලා මෙහෙම කිව්වා.
"මම ඩිග්‍රිය ගත්තෙ මොරටුවෙන්. එහෙදි අපිට කියල දීල තියෙනවා හරියට පිරිසිදුව ඉන්න ඕන විදිය"
ඊට පස්සෙ ලෝයර් සිප් එක දාගෙන ඉක්මනට ඇඟිලි තුඩු තෙමාගෙන එක ටොයිලට් පේපර් එකකින් ඇඟිලි පිහින ගමන් කියනව
"මම ඩිග්‍රිය ගත්තේ කොලඹ කැම්පස් එකෙන්. එහෙදි අපි ඉගෙනගත්තා පරිසරයට හිතකාමීව වැඩක් කරන්නෙ කොහොමද කියලා"
පියන් සිප් එක දාගෙන ෂර්ට් එක යටකර කර එලියට යන ගමන් මෙහෙම කියාගෙන ගියා
"මම ඩිග්‍රිය ගත්තෙ කැලනියෙන්. එහෙදි අපි ඉගෙන ගත්තා අතේ නොගෑවී චූ කරන්නෙ කොහොමද කියලා"