Sunday, June 8, 2014

මගේ #100HappyDays කියන්නෙ මොකද්ද ??


දවසක අහම්බෙන් Facebook වල දැක්කා photo එකක් tag කරල තියෙනවා #100HappyDays කියලා. ඉතින් ඒ ගැන ටිකක් google වල search කලාම තමයි දැනගත්තෙ එහෙම project එකක් තියෙන බව.
http://100happydays.com/ {මේ web site එකට ගියොත් ඔයාලට වැඩි විස්තර දැනගන්න පුළුවන් වෙයි.}
 මේ website එකේ කියන්නෙ, මේ අති ධාවනකාරී ජීවිතයෙ අපට කැමති දෙයක් කරල සතුටු වෙන්න වෙලාවක් නැහැ කියලයි. අපි කැමති උනත් එහෙම කරන්න අපිට වෙලාවක් නැහැ. ඒ නිසා අපි ට පුළුවන් නම් එදිනෙදා කරන දේවල් වලින්, සිද්ධ වෙන දේවල් වලින් සතුටු වෙන්න, සතුටු නොවී ඉන්නවට වැඩිය ඒක අපේ ජීවිත වලට පොඩි හෝ වෙනසක් සිදු කරාවි.

Tuesday, May 13, 2014

දැකීම ...



පෑල දොර අසලින් යන විට
ඇසුනේ ඔහුට
ඩ්ග් ඩිග් හඬ
ඇය පිටි කොටන

දොරටුවෙන්
බැලූ විට එබී
දුටුවේ ඔහු
සලිත වන ඇගේ තුරුණු වත

Saturday, May 10, 2014

ජීවිතය කොටස් වලට කැඩීම


මෙන්න මේ කොටස් වලට මගේ ජීවිත කාලේ එක එක විදිහට කඩන්න මට පුළුවනි.
1. නොදන්න කාලය
2. මොන්ටිසෝරි කාලය
3. ඉස්කෝල (ප්‍රාථමික) කාලය
4. ඉස්කෝල (කණිෂ්ඨ) කාලය
5. ඉස්කෝල (ද්විතීය) කාලය
6. O/L කාලය
7. A/L කාලය
8. A/L වලින් පස්සෙ කාලය