Tuesday, May 31, 2011

මගේ ජීවිතය උඩු යටිකුරු කල සිදූවීම හෙවත් සුනාමිය (2004)

මගෙ කැම්පස් එකේ යාලුවො ටිකක් ගාල්ලෙත් ඉන්නවා. කාලෙකින් මේ අයව හම්බවෙන්න බැරිඋන නිසා අපි තීරනය කලා නත්තල් දවසේ කට්ටියම හම්බ වෙන්න. අපි කියන්නෙ, අපි දෙන්න කසාද බැන්දෙ 2004 අවුරුද්දෙම නිසා යාලුවොත් බලාගෙනම නෑදෑ ගෙවල් වලත් ගිහිල්ල එන්න කියල තමයි පිට උනේ. වයිෆ් ගෙ ගෙවල් මාතර. ඉතින් කොළඹ ඉඳන් 24 වෙනිදා මාතර ගියා. 25 (සෙනසුරාදා) කැම්පස් එකේ යාලුවො කට්ටිය උදේ 9.30ට ගාල්ලෙ සමනල පාලම ලඟදි එකට හම්බඋනා. (සුනාමිය එදා ආවනම් අපේ රූප තමයි TV එකේ යන්නෙ). ඉතින් යාලුවො ටික හවස් වෙනකම් ගාල්ලෙ යාලුවන්ගෙ ගෙවල් වල ගියා.

Thursday, May 19, 2011

කැම්පස් එකේදි මුලින්ම කට්ටිය (බොන්න) සෙට් උන හැටි


කැම්පස් එකට ගියාම ඉස්සරනම් මුලින්ම දුන්නෙ ඉංගිරිසි පාඩම් මාලාවක්. (දැන්නම් නායකත්ව හැසිරීම් ගැනනෙ දෙන්නෙ). ඉතින් ඔය පන්ති වලට ගියාට ඉගෙන ගන්න දෙයක් නැහැනෙ. රැග් දෙන දිහා බලන් ඉන්නවයි, කෙල්ලො දිහා බලන් ඉන්නවයි විතරයි කරන්නෙ. අලුත් අලුත් කට්ටියත් එකා දෙන්නා හම්බ වෙනවා, අපිත් පම්පෝරි ගහනවා, උනුත් පම්පෝරි ගහනවා. ඔය අය අතරින් අපි දහ දොලොස් දෙනෙක් සෙට් උනා. ඉතින් කට්ටිය කථා උනේ අන්තිම දවසේ