Saturday, May 22, 2010

අන්තරය, පදනම සහ Titanic නැව ...

හරිම නීරසයි මේවගේ දේවල් කථා කරන එක. ඒත් ඉතින් කියන්න තියෙන ඒවා නොකියත් බැහැනේ. අන්තරයයි පදනමයි ගැන මම කලින් කිව්ව නිසා දැන් කියන්නෙ නැහැ. ඒත් කැලනිය කැම්පස් එකේදි උන දේවල් තමයි මේවා.
පලමු වසර තමයි නියම වසර. අළුත් අය අඳුන ගන්නවා වගේම තමයි ගොඩාක් අයගෙ හිතේ කහට නැහැ. ඒවා බැඳෙන්නෙ ටිකෙන් ටික. ඉතින් පලමු වසරෙදි අපි කට්ටිය 10 දෙනෙක් විතර එක සෙට් එකට හිටියා. සමහර අය ෆිට් උනේ ගෙල්ට් එකේදීමයි. (බොන්න තමයි මුලින්ම සෙට් උනේ). ඊට පස්සේ කැම්පස් එකේදිත් දෙන්නා තුන්දෙනා එකතුඋනා. එක රෑනේ කුරුල්ලෝ එක අත්තේ වහනව වගේ තමයි. ඊට පස්සේ කොල්ලෝ කෙල්ලෝ හොයාගත්තා, කෙල්ලෝ කොල්ලෝ හොයගත්තා, ඔහොම ඔහොම සෙට් එකේ ගහනය වැඩිඋනා. සයන්ස්, ආර්ට්ස් කට්ටිය තමයි හිටියේ. (ඇයි දන්නෙ නැහැ කොමස් කට්ටිය නැත්තේ).
ඉතින් කට්ටියත් ටිකක් ෆිට් එකේ ඉන්න නිසා අපි හිතුවා නමක් එහෙම දාගෙන, ක්ලබ් එකක් හැටියට කැම්පස් එකේ රෙජිස්ටර් කරලා, සමාජ සේවාවන් කරන්න. (දුශ්කර පාසැල් වලට පොත් අරන් දීම ... වගේ).
අපි කට්ටිය ජිම් කැන්ටින් එකේ සිංදු කියනවා, එකට කනවා, නිවාඩු දවස් වලට ගෙවල් වලට යනවා ........
අන්තරයෙන් මේ දිහා බලාගෙන හිටියට මොනවත් කිව්වෙ නැහැ. පදනමේ පොරක් මගෙන් ඇහුවා උඹල ඦන්දෙ ඉල්ලන්නද යන්නෙ කියලා. එහෙමනම් වෙනම ඉල්ලුවට වැඩක් නැහැ කියලත් කිව්වා.
ටිකක් කල් ගියාම කට්ටිය අපි දකින කොට කිව්වෙ අන්න ටයිටැනික් නැව එනවා කියලයි. (අත්දැකීම් තියෙන අය දන්නවා ඒකෙ 100% ක් ම ඇත්තක් තියෙනවා කියලා)


ඔහොම ඉන්නකොට බයෝ පොතකින් නමක් හම්බඋනා. (පුස් ජාතියකට කියන නමක්) ඒක නියමෙට ගැලපෙන නිසා අපි ඒක තෝරගත්තා. මේ හැම දේකටම මූලික උනේ මම.
ඔහොම කාලය ගෙවුනා. දවසක අපි ආර්ට් ෆැකල්ටි එකේ තනකොල යායක පලවෙනි රැස්වීම තිබ්බා. අපේ වගකීම් කොටස් පහකට බෙදලා සභාපති වරු පස් දෙනෙක් මම නම් කලා. මගෙ හොඳම යාළුවා කැඳවුම්කරු සහ උප සභාපති හැටියට පත් කලා. ලේඛම් හැටියට ගර්ල් කෙනෙකුත් සභාපති හැටියට මමත් නම් කලා. හැබැයි ඒ සේරම මගේ යෝජනා. මම හිතුවේ හිටපු ෆිට් එකේ හැටියට කවුරුවත් තනතුරු ගැන ඇල්මක් නොදක්වයි කියලයි. මට වැරදුනේ එතැනයි.
ටිකෙන් ටික මට තේරුනා කොතන හරි වැරැද්දක් තියෙනවා කියලා. අපි සල්ලි හොයන්න කරන්න ඕන දේවල් කථා කරද්දි සමහර අය මග අරින්න ගත්තා. මගෙ හොඳම යාළුවත් ටිකෙන් ටික ඈත් වෙන්න ගත්තා. මේ වෙද්දි කට්ටිය හිච් වෙලා මුළු මුළු වල කථා කර කර ඉන්න කාලේ. මම හොයල බලද්දි තේරුනා තනතුරු වල තමයි අවුල කියලා. අපි ඒ වෙනකොට කිසිම දෙයක් ක්ලබ් එකක් හැටියට කරලා තිබ්බෙ නැහැ. කැම්පස් එකේ රෙජිස්ටර් කරන එකෙත් පොඩි අවුලක් තිබුනා.
මම ආයෙමත් යෝජනාවක් ගෙනාවා ඦන්දෙකින් සභාපති තෝරමු කියලා. ඒකට කට්ටිය කැමති උනා. ක්ලබ් එකේ ප්ලෑන් සේරම මගෙ ලඟ තියෙද්දි පටන් ගන්නකොටම මෙහෙම දෙයක් උනාම මට හිතාගන්න බැරුව ගියා. මේ වෙනකොට කට්ටිය 20ක් විතර හිටියා.
මම ඉක්මනින්ම රැස්වීමක් තියලා එකෙදි කිව්වා. මම සභාපති උනේ මේක පටන් ගන්න විතරයි. ඊට පස්සෙ අයින් වෙන්න හිටියේ. ඒකයි තනතුරු මමම යෝජනා කලේ කියලා.
ඊට පස්සේ මම කිව්වා මම අද තනතුරු වලින් අයින් වෙනවා ඒ නිසා කාව හරි යෝජනා කරන්න, හැබැයි ආයෙමත් මාව යෝජනා කරන්න එපා කියලා. රහස් ඦන්දයක් (තුන්ඩු කෑලිවල නමක් ලියලා දෙන එක) තිබ්බා. නම් දෙකකින් වැඩියෙන්ම ආපු නම තෝරලා එයාව සභාපති කලා. මම ගිහින් බිම ඉඳගත්තා.
ඒ ක්ලබ් එකේ තිබුන අන්තිම රැස්වීම තමයි ඒ.
කැම්පස් ජීවිතෙන් ඉගෙන ගත්ත පලවෙනි වැදගත් පාඩම තමයි ඒ.
ටික දවසකින් මේ වෙනසක් ඕන කිව්ව කට්ටිය පදනමේ රැස්වීම් වලට යනවා මම දකිනවා.
සෑහෙන දුරක් යන්න හිතාගෙන පටන් ගත්ත දේට උන දේ තමයි ඒ. මම මේ ක්ලබ් වැඩේ යෝජනා නොකලා නම්, මට ඕන හැටියට තනතුරු නොදුන්නා නම් හරි කියලා මට පස්සෙ හිතුනා.
මේ සිදුවීම පිටුපස්සේ පදනමේ මොල කාරයෝ හිටියා කියලා මට පස්සේ ආරන්චි උනා. ඊලඟ අවුරුද්දේ පදනමේ සභාපති උනේ අපේ ක්ලබ් එකට බැහැල වැඩ කරපු කෙනෙක්.
ඔය පරන සිත් තැවුල තවමත් මගේ ලඟ තියෙනවා.
හැබැයි අර ටයිටැනික් නැවේ කථාව හරියටම හරි. ආතල් එකේ හිටියට කැම්පස් වලදී එක පාරටම ඒ සේරම නැතිවෙලා යනවා.
ටයිටැනික් නැව කියල අපිට නම තිබ්බේ අන්තරේ පොරක්.

9 comments:

  1. සිරාවට, ටයිටැනික් සීන් එකක් තමයි

    ReplyDelete
  2. සිරාවටම, අන්තරේ අයට බැන්නට මොලේ ටිකකුත් තියෙනවා ..

    ReplyDelete
  3. ආයුබෝවන්! බ්ලොග් අවකාශයේ තවත් මහසෙන් කෙනෙක් හමු වීම සතුටක්.

    කැම්පස් එක ඇතුලේ විතරක් නෙවෙයි, අපේ රටේ කොයි තැනක උනත් අලුත් වැඩක් පටන් ගන්න ගියාම ඔහොම තමයි. වැඩක් කරන්න උවමනාවක් නැති මිනිස්සුන්ට තමයි වැඩිපුරම බල තන්හාව තියෙන්නේ.

    ReplyDelete
  4. hey bro..I thrilled to see this. I found this via Kottu. පදනම & ටයිටැනික් නැව කියලා දැක්කාම මාව එක පාර ගැස්සිල ගියා. ඊට පස්සේ මේක කියවගෙන යද්දී මාව එකපාරටම අවුරුදු 10ක් පස්සට ගියා.පිස්සු හැදෙනවා මල්ලී..... මචෝ තව ලියපන්....

    ReplyDelete
  5. @ SriLankan : ලංකාවෙ ඩමියක් තමයි කැම්පස් කියල කියන්නෙ.

    @ තර්ඩ් මෑන් (SIDATH) : ඒකනෙ කියන්නෙ. ඔය වගෙ දේවල් වලින් තමයි ඉගෙන ගන්න තියෙන්නෙ. මමත් මොලේ ඇතිව වැඩ කලානම් තත්වය මීට වැඩිය යහපත් වෙන්න තිබුනා.

    @ Mahasen Bandara : ආයුබෝවන් වේවා ! මටත් සතුටක්. ඔබතුමාගෙ කථාව සහතික ඇත්ත. වැඩේ කියන්නෙ අපිට ඕවා පස්සෙනෙ තේරෙන්නෙ.

    @ Ruki : අඩේ. උඹත් ඉන්නව නේද? මම ආයෙමත් නම වෙනස් කරගත්තා. නැත්නම් ලියන එක ටිකක් අමාරුයි. හික්ස්. මට දැන් හිතෙනවා නුවර පැත්තේ කථා ටිකකුත් එකතු කරන්න. අනේ ඉතින් මගෙ මෙමරි එක අවුල් වෙලා ගියොත් මතක් කරල ඩෙඑපන් හොඳේ ..

    ReplyDelete
  6. කොල්ලෝ... මොන මගුලකටද ප්‍රසිද්ධියේ සංගම් හදාගෙන පිස්සු නටන්න ගියේ. කැම්පස් එකේ තියෙන වාතාවරණය යටතේ අලයොයි පොද්දොයි හැර වෙනත් කණ්ඩායමකට ඉඩ නෑනේ. කරන දෙයක් රහසේ ප්‍රතිඵලේ විතරක් එළියට. ඉඩක් තියේ නං බලන්නකෝ.

    http://www.unpluggers.net/

    ReplyDelete
  7. @ Unpluggers | University of Kelaniya : මොනවා කියල කරන්නද මලයා. ඒ දවස්වල අපිට ඕවා කියල දෙන්න අය හිටියෙ නැහැ නොවැ. ඇරත් පලමු වසර එවුන් හැටියට පොඩි උනකුත් තිබුනනෙ.
    මම ගියා ඔය site එක පැත්තෙ. නියමයි. මගේ සුබ පැතුම්. ඒ දවස්වල ඔහොම දේවල් දන්නවනම් එන්නෙ නැහැ කැම්පස් පැත්තේ.

    ReplyDelete