Thursday, May 13, 2010

ලේන් කථාවයි බලු කථාවයි ...

මටත් ඔය ඉඳල හිටල පොඩි පොඩි පොට්ට චාන්ස් වදිනවා රට රට වල ඇවිදින්න. ඒ එක ගමනකදි තමයි මේ කථාව අහන්න ලැබුනේ. රටනම් මට මතක නැහැ, හැබැයි ඒ රටේ ඉන්නවා ලේන්නු.

මම සතියක් විතර එක ටවුන් එකක් නැවතිලා හිටියා. ඒ ටවුන් එකේ තිබුනා පල්ලි තුනක්. ඉතින් මේ ලේන්නුන්ගෙන් පල්ලි වලට හරිම වදේ.
පලවෙනි පල්ලියෙන් තීරනය කලා දෙවියන්ගේ කැමැත්තට අනුව සේරම සිද්ධවෙන නිසා ඒ ලේනුන්ට හොඳට සලකන්න. ඒ වැඩෙන් උනේ ලේන්නු පල්ලිය ඇතුලේ සැරිසැරීම දෙගුන උන එක.
දෙවෙනි පල්ලියෙන් තීරනය කලා සත්තු මරන එක පව් නිසා අල්ලලා ටවුමෙන් ඈතට ගිහින් දාන එක. දවස් තුනකින් ආයෙමත් ලේන්නු ටික මෙන්න පල්ලියෙ.
තුන්වෙනි පල්ලිය සාර්ථක පියවරක් අරගෙන තිබුනා. ඒ පල්ලියෙන් තීරනය කෙරුවේ පල්ලියේ ඉන්න ලේන්නු ටික සේරම බැප්ටිස්ට් කරලා පල්ලියේ සාමාජිකත්වය දෙන එක. ඉතින් දැන් ලේන්නු පල්ලියට එන්නෙ නත්තල් දවසටයි තවත් දවස් දෙක තුනකයි විතරයි.
~~~~~~~~~~~~~~~~~ 

මේ දේනම් උනේ ලංකාවෙදි. ඉස්සර කැම්පස් එකෙදි කලේ ඉගෙන ගන්න එකට අමතරව බෝඩිං හොයන එකනේ. ඉන්න තැනට වැඩියෙන් හොඳ ඒව හොයන්ව වගේම අනිත් අයටත් ඒවා හොයනවා. ඉතින් වේවැල්දූව පැත්තේ ඇවිදින කොට දැක්කා බෝඩ් එකක්.
"කථාකරන බල්ලෙක් විකිනීමට ඇත"
මමත් ඉතින් ගොඩ උනා වත්තට. මෙන්න ඉන්නවා ලස්සන බල්ලෙක්, හාම්පුතාත් එක්ක. කෝකටත් චෙක් කරලා බලන්න හිතුන නිසා මම බල්ලගෙන් ඇහුවා .
"ඔයා මේ වෙනකොට මොනවද කරල තියෙන වැදගත් වැඩ ?"
"මම නියම ජීවිතයක් ගතකරල තියෙනවා" බල්ලා කථා කරන්න පටන්ගත්තා ..
"මම සුනාමි වෙලාවෙ මිනිස්සුන්ව බේරගන්න උදව් කලා. එහා පැත්තෙ රේල් පාරේ කෝච්චියට හැප්පෙන්න යන මිනිස්සුන්ව බේරගෙන තියෙනවා. වයසක අයට ඉස්සරහ පාර පනින්න උදව් කරල තියෙනවා. පහුගිය දවස් වල බෝම්බ හොයාගන්නත් සපෝට් කලා. මේ දවස් වල එහා ගමේ වැඩිහිටි නිවාසයේ කට්ටියට පත්තර කියවන එක තමයි කරන්නෙ ... "
මට මාර තරහයි අර මිනිහ එක්ක
"අන්කල් ගෙ මොලේ කොහෙද තියෙන්නෙ, මෙච්චර වටින බල්ලෙක් විකුනන්න ..... ???"
අන්කල් මගෙ ලඟට ආවා ...
"මූ කට ඇරියොත් කියන්නෙ බොරු පුතා"

10 comments:

  1. නියම කථාවක්. ලරි සිංකාවෙත් ඔහොම එකක් උනා ගී සිරිය පැත්තේ

    ReplyDelete
  2. හික්ස්... සිරා කතාදෙක! :P

    ReplyDelete
  3. කට්ටියට අල එකේ ගියපු කතාවත් මතක ඇති නේද? F.B.I එකේ හිටපු බල්ලෙක් කියලා හොරි හැදිච්ච බල්ලෙක් පෙන්නලා "මූ මොකෙක්ද" කියලා ගන්න ආපු කෙනා අප්සට් එකෙන් අහද්දි කියන්නේ "ෂ්.... කෑ ගහන්න එපා.. ඔය වෙස් වලාගෙන ඉන්නේ" කියලා.

    ReplyDelete
  4. :P අර බල්ල තාම ඒ පැත්තෙ ඉන්නවද දන්නෑ නේද ? ආ... තව ප්‍රශ්නයක්, සුනාමියෙන් පස්සෙ කාලෙත් අයිය කැම්පස් ගියාද ? ;)

    ReplyDelete
  5. @ හා පැටික්කි (MS), ගීතික දිල්රුක්, budhajeewa, Ansh Lucky Sri Jay, nadeesthoughts, හෙළයා
    කට කොනකින් හරි හිනාවක් ගියානම් මට ඒ ඇති.

    @ සීසර් : ඒ කථාවත් මරු තමයි.

    @ තර්ඩ් මෑන් (SIDATH) : සුනාමි වෙනකොට මම කැම්පස් අවුට්. ඒ කථාවත් ලඟදිම කියන්නම්.

    ReplyDelete
  6. හම්මෝ ....!
    ඒ කියන්නෙ ඔයා ලොකු අන්කල් කෙනෙක්නෙ ! සුනාමි එනකොට අපි 10 වසරෙ :P

    ReplyDelete