Monday, July 5, 2010

බර වාහන බලපත්‍රය කෙසේ විය යුතුද ??

පහුගිය දවසක හවසක ඉක්මනට ගෙදර එන්න ඕනෑවෙලා අපි ෂෝට් කට් වලින් ජාඇල පැත්තට එනවා. වේවැල්දූව පාර සමහර තැන්වල ටිකක් පටුයි. පොඩි ට්‍රැෆික් එකකුත් තිබුනා. ඉස්සරහින් අපි පැත්තට එනවා කන්ටේනර් එකක්. ඒක පාර අයිනට කරලා නවත්තගත්තේ අපිට යන්න දෙන්න. ඒත් අපි ඒක පහුකරනවත් එක්කම ඒක ඉස්සරහට ඇද්දුවා. කන්ටේනර් එකේ ඉස්සරහ රෝදේ අපේ කාරෙකේ පිටිපස්සේ බෆර් එකේ වැදුනා. "දඩ බඩාස් ...." බෆර් එක බිම.
ඉතින් ඒ පටු පාරේ කන්ටේනර් එක අරන් ගිය ඩ්‍රැයිවර් ගේ වයස අවුරුදු 21 යි.

ඒ වාහනයට ගෝලයකුත් නැහැ. වරායෙ ඉඳන් එනගමන්, ඒ කියන්නෙ ලෝඩ් එකක් අරගෙන එන ගමන්.
ඩ්‍රැයිවර් වාහනය අරගෙන යන්නෙ දඩ කොලේකින්. ඒ කියන්නෙ ලයිසන් එක නැහැ.
වාහනයෙ ලයිසන් එක අයිතිකාරය ලඟ. ඒ කියන්නෙ වාහනයෙ ලයිසන් එකත් ඒ වෙනකොට ලඟ නැහැ.
ID එකේ කොපි එකක් ලැමිනේට් කරගෙන ලඟ තියාගෙන ඉන්නේ.
මිනිහගෙ පර්ස් එකෙ තිබ්බේ රු.120/ යි.
මිනිහගෙ අත් අකුරින් ලියමක් ලියාගෙන, උගෙ ෆෝන් නම්බර් එකත් අරගෙන, බෆර් එක ලනුවකින් ගැට ගහගෙන අපි ගෙදර ආවා.
ඕන්න ඕකයි ලංකාවේ තත්වය ...

10 comments:

  1. අපේ ආරක්ෂාව අපිම සලසව ගන්නව ඇරෙන්න මොනව කරන්නද?

    ReplyDelete
  2. අයියා... මේක සිරි ලඞකාව

    ReplyDelete
  3. ලඟදි ආශ්චර්යක් වෙනවලු.එතකොට ඔව්ව හරියයි.

    ReplyDelete
  4. බර වාහන බලපත්‍ර ගන්න 21ක් වෙන්න ඕනි නේද... ??? පලපුරුද්දක් නැතිව ඔහොම වාහනනයක් දෙනවා කියන්නෙ... අනේ මන්ද.

    ReplyDelete
  5. උන්නැහේ (පිලේ පැදුර)ට :
    ඒක නම් ඇත්ත. මතු ආරක්ෂාව ගැන හිතල තමයි අපේ අලාභෙ අමතක කරල යන්න ගියේ. ඒක නෙමෙයි උන්නැහේ දැන් ලෙඩ සනීපෙයි ??

    ReplyDelete
  6. තර්ඩ් මෑන් (SIDATH)ට :
    ඒක මටත් හිතුනා.

    ReplyDelete
  7. dinesh ට:
    හික්ස් ... අපි එතකම් බලාගෙන ඉමු ..

    ReplyDelete
  8. පිස්සා පලාමල්ල ට :
    ඒකනෙ කියන්නෙ. අනික මූ හිටියෙ තනියමනෙ.

    ReplyDelete
  9. මේ ඉතින් ලංකාවනේ ... :P

    ReplyDelete
  10. panhida ට : ඒකනෙ හැබෑව ...

    ReplyDelete