Tuesday, June 15, 2010

ආදරය මේ වගෙයි ... සත්‍ය සිදුවීම් ඇසුරින් ..

මේ බ්ලොග් එකේ කවදාවත් කථා කරල නැති දෙයක් ගැන තමයි අද කියන්න යන්නෙ. මේවා මට හම්බවුනේ මම කියවන වෙන බ්ලොග් වගයකින්. මේ ඇත්ත කථා හතර කියවලා ඔයාලට ආදරය ගැන මතක් කරල දෙන එක තමයි මගේ බලාපොරොත්තුව. ඔයාගෙ ඇහේ පුංචි හරි කඳුලු බිංදුවක් මතු නොවුනොත් ඔයා දන්නෙ නැහැ, 
ආදරය කියන්නෙ මොකද්ද ? කියලා .....






ආදරය සුරංගනා කථාවකි ....
මගෙ හොඳම යාළුවගෙ ආච්චිට 

තදින්ම අමතක වෙන ලෙඩක් හැදිල තිබුනා.
අවුරුදු 10ක් තිස්සේ එයාට එයාගේ සැමියා පවා 

අඳුනගන්න බැරි තත්වයකයි හිටියේ.
ඊයේ රෑ එයාට ආශ්චර්‍යකින් වගේ 

එයාගෙ සැමියගෙ ඉස්පිරිතාලේ හම්බ වෙලා තියෙනවා.
සීයා පිලිකාවක් හැදිලා අසාධ්‍ය තත්වයේ තමයි හිටියේ.
ආච්චි සීයගෙ ඇඳට නැගල තියෙනවා.
අද උදේ බලද්දි දෙන්නම ඒ ඇඳේ මියගිහින්.

මගෙ පෙම්වතා, ජස්ටින්, එයාගේ මුදල් පසුම්බිය නැතිකරගෙන.
මම එදා උදේ පාන්දර 6ට SMS එකක් යැව්වා "Good Morning" කියලා.
එයා මට Reply SMS එකක් එව්වා.
ඒකෙ තිබුනේ එයා ඉන්නෙ 

අපේ ඉස්කෝලෙ ඊයෙ හවස අපි කතා කර කර හිටපු තැන කියලා.
ඒ වගේම එයාගේ මුදල් පසුම්බිය හොයමින් ඉන්නෙ කියලත් තිබුනා.
මම පුදුම උනා මොකද්ද ඒකෙ තියෙන ඔච්චර වැදගත් කම කියලා.
ටික වෙලාවකට පස්සෙ මම දැක්කා 

ඒක මගෙ බෑග් එකේ තියෙනවා. මම ඇරල බැලුවා.
සල්ලිත් නැහැ, මොනවත් නැහැ.
ඒත් එක දෙයක් තිබුනා. ඒ මොකද්ද දන්නවද ?
මම එයාට ලිව්ව පලවෙනි ලියුම

මම කොච්චර අකමැත්තෙන් හිටියත්, මගෙ පෙම්වතාට ඕනැමයි කිව්වා, මගෙ අම්මව හම්බවෙන්න.
ඉතින් දවසක මම එයත් එක්ක සොහොන් පිටියට ගියා.
එතන තමයි අපේ අම්මව මිහිදන් කරලා තියෙන්නෙ.
මම හිතුවේ එයාට තරහ යයි කියලා.
එයා අම්මගෙ සොහොන ලඟට ගියා
එතන ඉඳගෙන "Hello" කිව්වා
ඊට පස්සේ පැයක් විතර එයා අම්මත් එක්ක කථා කෙරුවා.
ඒ,මාව එයාට ලැබුන එක ගැන එයා කොච්චර ආඩම්බරද, වාසනාවන්තද  කියලා.

මගෙ හොඳම යාළුවා කාර් එක අනතුරකට පත්වෙලා මියගියා.
ඒ මට උණ හැදිලා ඉන්නකොට 

මාව බලන්න සුප් එකකුත් අරගෙන එන ගමන්
එයාගෙ කාර් එකේ තිබිල මල් පොකුරක් පස්සෙ හමුවුනා.
ඒකේ තිබුනේ,
"අපි අවුරුදු 5ක් තිස්සෙ හොඳම යාළුවෝ හැටියට හිටියා,
ඉතින් අපි ඊලඟ අවුරුදු 50 තිස්සේ ආදරවන්තයන් හැටියට ඉමු .."
එයාව මට කවදාවත් අමතක වෙන්නෙ නැහැ.
සත්‍ය සිදුවීම් .... අන්තර්ජාලය හා බ්ලොග් ඇසුරිනි

17 comments:

  1. අත්දැකීම් නැති නිසා මේකටනම් මොකුත් කියන්න අමාරුයි

    ReplyDelete
  2. සෑහෙන්න හිතට දැනෙන සිදුවීම් පෙළක්.කඳුලක් නාවත්,හිත ඇඬුවා...ස්තුතියි ලිපියට!

    ReplyDelete
  3. හ්ම්ම්ම්... හිතට දැනුනා... කියන්න වචන නෑ

    ReplyDelete
  4. මොනවා කියුවත් ආදරය සුන්දරයි !!!!

    ReplyDelete
  5. ජිවිත කියනේ මේවගේ දෙවල් තමයි....

    ReplyDelete
  6. ආදරය කියන්නේ මොකක්ද කියල බ්ලොග් එහෙක අහල තිබුනා.... ලිපිනය මතක නැහනේ... මේ පෝස්ට් එක ඒකට පිලිතුරු දෙනවා

    ReplyDelete
  7. මට ගොඩක් දැනුනා.. වි‍ශේෂයෙන්ම පසුම්බිය නැති වුන කතාව... මීට වැඩිය මොනවා කියන්නද කියලා හිතා ගන්න බෑ....

    ReplyDelete
  8. ඒ ගැන මතක නෑ මිත්‍රයා

    ReplyDelete
  9. @ තර්ඩ් මෑන් (SIDATH) : අත්දැකීම් ලැබෙයි ඉස්සරහට.

    ReplyDelete
  10. @ ජංජාල චාමර : ඇත්ත. එලියට නොපෙනුනත් හිත ඇතුලෙ මොකද්ද වගෙ දැනෙනවනම් එතන තමයි කඳුල. හැඟීම ..

    ReplyDelete
  11. @ හසී : මුලින්ම මගෙත් හිතට දැනුනා. මත් වචන නැතිනිසා තමයි කඳුලක් ගැන කියල දැම්මේ.

    ReplyDelete
  12. @ හිඟන්නා : ඒ ආදරය ඇතුලෙ සුලු දෙයකටත් වටිනාකමක් තියෙනවා

    ReplyDelete
  13. @ ඉලංදාරියා : හ්ම්ම්ම් සුලු දෙයකින් කෙනෙකුගෙ හිත කොච්චර වෙනස් කරන්න පුලුවන්ද ...

    ReplyDelete
  14. @ පිස්සා පලාමල්ල : මගෙත් බලාපොරොත්තුව උනේ ආදරේ ගැන positive පැත්තක් ගැන කථා කරන්න. මම හිතනව, මගෙ පරිවර්තනය සාර්ථක නොවුනත් මොකක් හරි sense එකක් ඇති කියලා.

    ReplyDelete
  15. @ ළමයා : ලමයගෙ පර්ස් එකේ මොනවද තියෙන්නෙ ????

    ReplyDelete
  16. @ හෙළයා : මෙන්න හෙලය කාලෙකින් ඇවිත්. මතක නැහැ නෙවෙයි, ආදරය තාමත් අමතක කරන්න අමතක වෙලා වගෙයි. එහෙම නේද ??

    ReplyDelete
  17. දන්නේ නෑ යාළුවා

    ReplyDelete