Wednesday, July 28, 2010

Windows ඇඩ්මින් පාස්වර්ඩ් බිඳිය හැකිය ... ඒ විතරක් නොවේ ...


 ඔබේ පරිඝනකය කෙතරම් ආරක්ෂාකාරීව ඇතිදැයි ඔබ දන්නවාද ? ?? 
ඔහොම ඇහුවම සමහර අයට තරහ යනවත් ඇති. 
ඒත් ඔයාගේ කොම්පියුටර් එකට පාස්වර්ඩ් එහෙම දාලා හරි අගේට හිතාගෙන ඇති දැන් හරි කියලා. 

එහෙම නේද ? 
 සමහර අය තමන්ගෙ නමින් එකවුන්ට් එකක් හදලා, ඒක ඇඩ්මින් කරලා පාස්වර්ඩ් දාගෙන ඉන්නවා. ඒත් දැනගන්න windows වල ඔරිජිනල් ඇඩ්මින් කෙනෙකුත් ඉන්නවා.
බලන්න user log වෙන තැන Alt + Ctrl + Delete ප්‍රෙස් කරලා. එන තැන user හැටියට Administrator ටයිප් කරලා ඕනෑම කෙනෙකුට පුලුවනි නම් පාස්වර්ඩ් එකක් නැතුව log වෙන්න. 
එතැනින් වැට දැම්මාම සේරම හරි කියලයි සමහරු හිතාගෙන ඉන්නෙ.
හැමතැනම් පාස්වර්ඩ් දාලා හිතාගෙන ඉන්නවා කිසිම කෙනෙකුට ලොග් වෙන්න බැහැ කියලා. අයියෝ සිම්පල් දෙයක්. කිලෝ බයිට් කිහිපයක ප්‍රෝග්‍රෑම් එකක් රන් කරන එක විතරයි තියෙන්නෙ. එක්කෝ ඩිස්කට් එකකින්, එක්කෝ සීඩී එකකින්, එහෙමත් නැතිනම් පෙන් ඩ්‍රයිව් එකකින්.
 මේ බූටබල් ප්‍රෝග්‍රෑම්ස් ඉන්ටනෙට් එකෙන් විනාඩියක් ඇතුලත ඩවුන්ලෝඩ් කරගන්න පුලුවනි. මේකෙන් කරන්නෙ ඇඩ්මින් පාස්වර්ඩ් එක මකල දාල ලොග් වෙන්න ඉඩ අරන් දෙන එකයි.
මේකෙන් බේරෙන්න ඔයා කියයි CMOS වලින් boot from CD නැති කලාම හරි කියලා.
ඒත් තව කෙනෙකුට පුලුවනි කොම්පියුටර් එක ඕන් කරද්දි Delete ප්‍රෙස් කරලා ඒ ඔප්ෂන් එක වෙනස් කරලා සීඩී එකෙන් බූට් වෙන්න හදාගන්න

ඒක නැතිකරගන්න ඔයා කියයි CMOS වලට පාස්වර්ඩ් එකක් දානවා කියලා. ඒත් වැඩක් නැහැ. මදර් බෝඩ් එකේ ජම්පර් එකක් ෂෝට් කරලා CMOS මකල දාල පරන තත්වෙට ගන්න පුලුවන්.
කරන්න තියෙන්නෙ කොම්පියුටර් එකට ඉබ්බෙක් දාල යතුර හංගන එක
හ්හ්ම්ම්ම් ඒකනම් ටිකක් හොඳ අදහසක්.

කොයි ක්‍රමයටද ඔයා කැමති ??? මම නම් හිතන්නේ මුල සිට අග දක්වා සේරම පියවරවල් කල යුතුයි.
ඊට පස්සෙ කාමරයටත් යතුරක් දාල වහල දාන්න.
ඒක නිසා හිතාගන්න computer security ගැන ඕනෑවට වඩා විස්වාස කරන්න එපා. වැදගත් දේවල් තමන් ලඟ තියාගන්න.
 

ප.ලි : මේ ලිපිය පරිඝනක විද්‍යාවේ කෙල පැමිනියනට නොවේ. ආධුනිකයනටයි. ඒ නිසා මුර පද ඉවත් කිරීමට යොදාගත හැකි මෘදුකාංග මෙහිලා සදහන් නොකරමි. මාගේ මතයේ හැටියට Windows අරක්ෂාකාරී බවෙන් අඩුම මෘදුකාගයයි. 


සැ.යු :  අනුන්ගේ කොම්පියුටර් වලට හොරෙන් රිංගන්න යන්න එපා. මේවා තමන්ගෙ කොම්පියුටර් එකත් එක්ක අතහදා බලන්න. හැබැයි සිදුවිය හැකි කිසිම හානියක් කෙරෙහි මාගේ වගකීමක් නැත.

සමහර අය බෙදා හදා ගැනීමට අකමැති දේවල් අතර මේවාද වේ. 
එනම් "යට ඇඳුම", "දත් බුරුසුව", "තමන්ගේ සහකරු/කාරිය"

23 comments:

  1. මේ තියෙන්නේ පට්ට අත්දැකීමක් ....http://www.confiuzdprogrammer.info/2010/07/blog-post.html
    :D අයෙනම් කාවවත් විශ්වාස කොරන් නෑ

    ReplyDelete
  2. මම තුමා ලිනක්ස් වලනෙ වැඩ :D අනික මම මොනව කියල හංඟන්නද ? ;)

    ReplyDelete
  3. ඒකනේ කියන්නේ ලිනක්ස් පාවිච්චි කරන්න කියලා.
    කෝ අහන්නේ නැහැනේ.

    ලිනක්ස්ට ජයවේවා...

    ReplyDelete
  4. මම ඔය ඔක්කමත් කරලා තියෙන්නේ ඊට අමතරව තව Folder Security වගේ ඒවත් යොදනවා.. මට නම් තියෙනවා හංගන්න අපේ යාලුවොන්ගේ දක්ෂතා පෙන්නන අවස්ථා වල ගත්තු පිංතූර!

    ReplyDelete
  5. කැලෑ බළලා හොඳයි වගේ

    ReplyDelete
  6. "මාගේ මතයේ හැටියට Windows අරක්ෂාකාරී බවෙන් අඩුම මෘදුකාගයයි."
    ඇත්ත

    ReplyDelete
  7. Confiuzd ප්‍රෝග්‍රැමර් ට : මල කෙලියයි නේද ...

    ReplyDelete
  8. තර්ඩ් මෑන් (SIDATH) : ඔව් ලිනක්ස් වල තමයි. ඒත් Audio Edit වැඩ වලදි Windows වලට යන්න වෙනවා. හංගන්න දේවල් නැත්නම් එලම තමා ..

    ReplyDelete
  9. රනා ට : ඒකනෙ කියන්නෙ අනවශ්‍ය ගැටලුත් නැහැ. speed එකේ අවුල් වෙන්නෙත් නැහැ.

    ReplyDelete
  10. ළමයා ට : ඔය ඔක්කොම කරල folder lock කරොත්නම් හොඳයි. නැත්නම් Ubuntu CD එකෙන් boot කලොත් සේරම ගොඩ ..

    ReplyDelete
  11. හෙළයා ට : කැප්ටන් ඩෝසන් ගල විද්දා උනාට හෙලය තාමත් එහෙටම වෙලා ඉන්නව නේද ??

    ReplyDelete
  12. මල්$han ට : මේ වගෙ අතපසු වීම් වෙන්නෙ ගොඩක්ම girls ල අතින්.

    ReplyDelete
  13. සම්පුර්ණ ඇත්ත ...

    හැබැයි මිට වඩා එහා ගිය ක්‍රමත් තියනවා , ජනේලයේ සිකියුරිටි කඩන්න ..

    ReplyDelete
  14. Unknown_User/හිඟන්නා ට : ඒක තමයි .. ඒත් ඒවා වඳුරන්ට දැලිපිහි වගේ ..

    ReplyDelete
  15. ඕනම නම් කැඩුවෙ නෑ වගේ ඉබ්බො කඩන එකත් සිම්පල් (සමහර ඒවා බෑ. ගොඩක් ඒව පුළුවන්). පොඩ්ඩක් සද්දෙ එන එක තමා අවුල. ඉබ්බා ඇරලා ආපහු තිබුන විදිහටම ලොක් කරලා යන්න පුළුවන්. :P ඒත් ඔච්චර අමාරුවෙන් මොනව බලන්නද?

    ReplyDelete
  16. ඔවු ඔවු උබුන්ටු ලයිවු සීඩී එක දාලා තමා එකේ මුර පදේ අමතක වුනාම ඒක ඇතුලේ තියෙන එවා මම ගන්නේ..

    ReplyDelete
  17. මම හිතන්නේ මේ 2ත් ඔය දේට සම්බන්ඳයි...

    1). Windows මුර පදය අමතක වුනොත් ගොඩදාන හැටි
    http://sarangasl-si.blogspot.com/2010/01/fogot-windows-password.html

    මෙන්න මෙහෙමයි වින්ඩෝස්ලාගේ සිකියුරිටි එක(Windos security)
    2). http://shanuka.myblog.lk/2009/12/13/%e0%b6%b8%e0%b7%99%e0%b6%b1%e0%b7%8a%e0%b6%b1-%e0%b6%b8%e0%b7%99%e0%b7%84%e0%b7%99%e0%b6%b8%e0%b6%ba%e0%b7%92-%e0%b7%80%e0%b7%92%e0%b6%b1%e0%b7%8a%e0%b6%a9%e0%b7%9d%e0%b7%83%e0%b7%8a%e0%b6%bd/
    http://hotfile.com/dl/18177139/bebd112/HrBtc.part1.rar.html
    http://hotfile.com/dl/18177141/c20beb2/HrBtc.part2.rar.html

    ReplyDelete
  18. කතාකරන්නේ windows ගැනනම් වැදගත්කමක් නැතිම වචනය තමයි ආරක්ෂාව.

    ReplyDelete
  19. කාංචන දිනූක ට : ඒකත් ඇත්ත .. ඒත් සමහර කොම්පියුටර් වල හරි හරි දේවල් තියෙනවා.

    ReplyDelete
  20. ළමයා ට : ඒක තමයි .. ගොඩාක් අය මේක ගැන දන්නෙ නැහැ. වැඩිපුරම ගර්ල්ස් ල.

    ReplyDelete
  21. Saman ට : ඔව් ඒ ලිපියෙත් පැහැදිලිව කියල තියෙනව. ස්තූතියි.

    ReplyDelete
  22. යහම්පත් ට : Linux, Ubuntu වල ඔරිජිනල් CD එකේම තියෙනවා PW එක අමතක උනොත් කරන්න ඕනෑ දෙය. ඒත් Windows වල එහෙම දෙයක් කියන්නෙ නැහැ. Server එකට උනත් ඔච්චර තමයි. ඔබ 100% හරි.

    ReplyDelete
  23. ඩෝසන් ගල විදින්න කලින් සිංහලයෝ උඩහට පල්ලෙහාට ගියා මචං.

    ReplyDelete