Thursday, July 15, 2010

බෙදා හදාගත්ත රහස් ...


අපේ හිතවල සමහර දේවල් තියෙනව කාටවත් කියාගන්න බැරුව. ඒව රහස් මත් නෙවෙයි. ඒත් කියාගන්න අමාරුයි. නොකියත් බැහැ. ඒක නිසා ඒ අය ඒවා internet වල දානවා.

මට සමහර වෙලාවලට හුස්ම ගන්න අමාරුයි. ඒ මගේ හදවතත් පෙනහලුත් අතර සිදුරක් තිබෙන හින්දා.
මම ආදරය කරන්න බයයි. 
මට බයයි මගේ හදවත ඉතා ඉක්මනින් ගැහෙයි කියලා. 
එතකොට මම ලඟ ඉන්න කෙනාට, 
මගේ පපුවෙන් එන ජරබර සද්දය ඇහේවි
මම බය මගෙ හදවත ගැන නෙවෙයි. 
ඒ සද්දෙ ඇහුනම එයාගෙ හදවතට වෙන දේ ගැන.

මගේ තාත්තා මාවයි මගෙ නංගිල දෙන්නයි අපි කුඩා කාලෙදිම දාල ගියා.
තාත්තා මැරි කලා. එයාට දැන් තවත් නංගිලා දෙන්නෙක් ඉන්නවා.
ඒ අයව දැක ගන්න ආසයි. මම කවදාවත් එයාලව දැකලා නැහැ.
ඒත් මට ලැජ්ජයි.
මගේ තාත්තා ගොඩාක් ආදරේ එයාලට නිසා.

ඔයා මට ප්‍රංශෙන් එනකොට 
ගෙනත් දුන්න "Winnie the Pooh" ට මම කොච්චර කැමති උනත්, 
මම අකමැතිම දේ තමයි එයාව තුරුලු කරගෙන උදේට නැගිටින එක.
එතකොට මම දන්නවා ඔයා මගෙ ලඟ නැහැ කියලා.

හැමදාම ඔයා සතුටින් කියවන්නෙ ඔයාගෙ තාත්තාගෙ දික්කසාද නඩුවෙන් එයා දිනන එක ගැනයි 
එයාට එතකොට සතුටින් 
තාත්තත් එක්ක Maryland වල ඉන්න පුලුවන් වෙන ගැනයි.
මම ආසයි ඔයා කියන දේවල් අහගෙන ඉන්න.
ඒත් මට බයයි, ඔයා මාව දාල යයි කියලා.

මම මගේ යාළුවොත් එක්ක මේ ගත කරන්නෙ 
අපේ හොඳම නිවාඩු කාලය.
එයාල හිතන්නෙ මගෙ අන්තිම scan එක හොඳට තිබුන කියලයි.
මට හිතෙන්නෙ නැහැ එයාලට කියන්න, මගෙ පිලිකාව ගැන,
මට ඕනෑ මේ නිවාඩු කාලය වෙනදාටත් වැඩිය හොඳින් ගෙවන්න.
හේතුව, මේ තමයි ජීවිතේ මම ගෙවන අන්තිම නිවාඩු කාලය.

සැ.යු : ඡායාරූප අදාල අයගේ නොවන බව කරුනාවෙන් සලකන්න ...

12 comments:

  1. අනේ මන්දා...

    මමත් හිතේ තියන,කාටවත් කියන්න බැරි සමහර දේවල් දානවා.. ඒක වෙලාවකට හිතට සැහැල්ලුවක් වුනාට තවත් වෙලාවකට ඊටත් වැඩිය අවුලක් වෙනවා..

    ReplyDelete
  2. හ්හ්ම්ම්ම්ම්ම්...

    ReplyDelete
  3. මට මේක තේරේන්නේ නෑනේ..ඒකියන්නේ මේක කාගේ හරි ඇත්ත කථාවක්ද? :( ඒහෙම නම් අනේ පවු.. :( නැත්තම් ඒක ලස්සන නිර්මාණයක්ද? ඒහෙමනම් හදවතට දැනෙන ඉතාමත් සංවේදී නිර්මාණයක්.. :)

    ReplyDelete
  4. තමන්ගේ හිතේ තියන සමහර දේවල් අනිත් අය එක්ක බෙදා ගත්තට පස්සේ සැහැල්ලුවක් දැනෙනවා..ඒත් අපි වැරදි දේවල් තමාහුගක් වෙලාවට අනිත් අය එක්ක බෙදා ගන්න යන්නේ.. :)

    ReplyDelete
  5. හිඟන්නා ට : මම තෝර ගත්ත ඒව ටිකක් එහෙම හිතෙන ඒව තමයි නෙද? මටත් පස්සෙයි තේරුනෙ.

    ReplyDelete
  6. ළමයා ට : ඔය රහස් වලින් වෙන අයට අවුල් ඇතිවෙනවනම් පිටකරන්න එපා. ගිලගන්න.

    ReplyDelete
  7. Ansh Lucky Sri Jay ට : ඔයවගෙ සමහර රහස් අපිට කවදාවත් ඩැනගන්න ලැබෙන්නෙ නැහැ.

    ReplyDelete
  8. ♠GaŋGster♠™ ට : මේවා සේරම ඇත්ත කථා. short blog හැටියට ලියපුවා. මම සිංහලට පරිවර්ථනය කලේ ඒ ඉංග්‍රීසියෙන් තියෙන විදියටමයි. ඇත්තටම සමහර රහස් සංවේදීයි නේද ? පුදුමෙ කියන්නෙ අපිට අදාල දේවල් කවදාවත් දැනගන්න ලැබෙන්නෙත් නැහැ.

    ReplyDelete
  9. panhida ට : ඒක හරි. හුඟ දෙනෙකුට තමන්ගෙ රහස් රකින්න පුලුවන් උනාට අනුන්ගෙ රහස් රකින්න බැහැ.

    ReplyDelete
  10. අනේ මන්දා...කියෙව්වට පස්සේ දුක හිතුනා..

    ReplyDelete
  11. අනේ මන්දා..?? ට : මටත් නිකං ඒවගේ උනා. ඒකයි පෝස්ට් එකක් දැම්මේ.

    ReplyDelete