Tuesday, May 13, 2014

දැකීම ...



පෑල දොර අසලින් යන විට
ඇසුනේ ඔහුට
ඩ්ග් ඩිග් හඬ
ඇය පිටි කොටන

දොරටුවෙන්
බැලූ විට එබී
දුටුවේ ඔහු
සලිත වන ඇගේ තුරුණු වත



පියවරක් පෙරට තැබීමට පෙර
හිස හැරවවීය ඔහු
ඇගේ මව සිටියේ
ඔහුට පිටුපා ය

සැසඳීය මොහොතක්

සුලඟේ ගසාගෙන පැමිනි
වියලි බෝ පත
බිම පතිත වනු ඔහු දුටුවේ නැත


No comments:

Post a Comment