Saturday, May 10, 2014

ජීවිතය කොටස් වලට කැඩීම


මෙන්න මේ කොටස් වලට මගේ ජීවිත කාලේ එක එක විදිහට කඩන්න මට පුළුවනි.
1. නොදන්න කාලය
2. මොන්ටිසෝරි කාලය
3. ඉස්කෝල (ප්‍රාථමික) කාලය
4. ඉස්කෝල (කණිෂ්ඨ) කාලය
5. ඉස්කෝල (ද්විතීය) කාලය
6. O/L කාලය
7. A/L කාලය
8. A/L වලින් පස්සෙ කාලය

9. campus කාලය
10. campus වලින් පස්සෙ කාලය
11. job කරන්න පටන් ගත්ත කාලය
12. කසාද බැඳීමෙන් පසු කාලය
13. ‍Y FM/ DJ කාලය
14. IT/ Digital කාලය
කොටස් 14යි. ඉතින් ඔය කොටස් 14න් දෙක තුනකට ආයෙමත් යන්න එහෙම නැත්නම් ගිහිල්ල සදාකල්ම ඒ කොටසේ රැඳීල ඉන්න එහෙමත් නැත්නම් කොටස් සියල්ලෙම හිතුමනාපෙ සැරිසරන්න තියෙනවනම් වෙන මොනවත් මොකටද ?
මේක ඉතින් පලවෙනි post එකනෙ. පරණ blog කිහිපයක්ම තිබුනත් ආයෙත් අළුතෙන්ම පටන් ගන්න හිතුනේ කාලය අපටත් හොරෙන් ගලාගෙන ගිහින් තිබුන නිසයි. ආයෙමත් ලියන්න පටන් ගත්තෙ මගෙ නමින්මයි. එතකොට සමහරවිට එකතරා සීමාවකට කොටුවෙන්න වෙනවා. ඒත් එහෙම සීමා වෙන එක හොඳයි. 
අවුරුදු ගානක් කලාව එක්ක ගත කලා උනත් තවමත් හුඟදෙනෙක් මාව දන්නෙ මගෙ තාත්ත නිසා. "hi" මට්ටමේ මාව කාලයක් ආශ්‍රය කරපු අය තාත්ත ගැන දැනගත්තම "මචං" මට්ටමට එන්නෙ තත්පර කීපයකින්.



මීට අවුරුදු ගානකට කලින් මගේ blog කියවපු අය හුඟ දෙනෙක් දැන් blog වල නැහැ. හැබැයි ඉඳල හිටල blog කියවන blog පැත්තෙ රවුමක් දෙකක් ගහල යන/ එන අය නම් දකිනව. 
ඉතින් මේක තමයි මගෙ අළුත්ම blog එක. මේකවත් දිගටම ලියාගෙන යන එක තමයි දැනට තියෙන ලොකුම අභියෝගය

ප.ලි :

පරන blog එකෙන් post ටිකක් මේකටත් දැම්මා. 

1 comment:

  1. දැන් නම් ආයි බ්ලොග් ලියන්න කම්මැලියි
    ඉඳලා හිටලා වෙන අයගේ බ්ලොග් නම් බලනවා

    ReplyDelete