වත්තෙ පස් අස්සෙ තිබිල සුරයක් හම්බ උනා. ඒක අපි දාපු එකක් නෙමෙයි. අපිට කලින් මේ ඉඩම අයිති අයගෙ වැඩක් වෙන්න ඇති. ඉතින් ඒකෙ ඇතුලෙ යකෙක් ඉන්නවනම් ඌ එලියට දාන එක පිනක් නෙ. ඒ නිසා මම සුරය ඇරල බැලුවා. මේන්න මේකයි ඇතුලෙ තිබුනෙ.
කවුරු හරි දන්න කෙනෙක් මේක තේරුම් කරල දෙනවනම් ලොකු උදව්වක් .....
ඔයා මේක අතින් අල්ලලා වගේ ? එහෙම අල්ලන්නේ නෑ මේවා .මොකද රෑට නිදාගනිද්දී අමුතු හීන පේන්න පුලුවන්. මටත් ඔහොම එකක් අල්ලලා ඒ වගේ දෙයක් උනා
ReplyDeleteමේක මොකක්ද කියලා මම දන්නේ නෑ . ඕක දන්න කෙනෙකුට පෙන්වන්න .
ජයවේවා !!
නොදන්න දෙයක් ගැන මඑ නමී මුකුත්ම කියන්න බෑ ඕං..හැබයි බ්ලොග් අවකාසේ මාරයාගේ හෝරාව ලියන අපේ හිතවත් ගුණවත් නැනවත් මාරයියට හරි ලංකා ජෝතිෂ්ය අරණ ලියන කෙනාට හරි පොඩ්ඩක් පෙන්නුවනම් හරි..
ReplyDeleteහැබැයි ඕක අරන් එක එක දේවාල ගානේ නම් යන්න එපා ඕක ගැන විස්තර අහන්න.මොකද අනිවා ඔය දේවාල වල කපු මාමලා දත් 32කට ශොට් එක දෙනවා ඕක හෙන පතරංග හුනියමක් කියලා..ඒ හන්දා දන්න කියන විස්වාස කෙනෙක්ට පෙන්නන්න
හැකි නම් සුදු කඩදාසියක් ඕක මත තබා පැන්සලකින් ට්රේස් කරන්න (එම්බොස් වෙලා තියෙන පැත්තෙ ). ඊට පස්සෙ ස්කෑන් කරල ඔබගේ බ්ලොග් සටහනට අමුනන්න.
ReplyDeleteස්තුතියි!
හිස් අහස ට : මම ඕක අතින් අල්ලල තමයි ගැලෙව්වේ. හැබැයි තවම නම් මොනවත් දෙයක් උනෙ නැහැ. (ඒ කියන්නෙ ඒක මට අවුලක් නැති දෙයක් වෙන්න ඇති). ඔය වගෙ දේවල් දන්න කෙනෙක් හොයාගන්න නැහැනේ. ඕක එක්කෙනෙකුට පෙන්නලා මම බැනුනුත් ඇහුවා.
ReplyDeleteLahiru Udayanga : ඔව් නේද ? අපි මේක මාරයගෙ හෝරාවෙන් අහල බලමු.
ReplyDeleteඅනිවාර්යෙන්ම දේවාලෙකට ගියොත් බඩුම තමයි.
Ra : නියම අදහස (ඕක මට කලින් ආවෙ නැහැනෙ)scanner එකේ power unit එක හදාගත්ත ගමන්ම මේකට අමුනල දාන්නම්.
ReplyDeleteඕක වශී ගුරුකමක් කියලයි මට හිතෙන්නෙ. ඒත් එච්චර පැහැදිලි නෑ. වසී ගුරුකමක් නම් මේක දැකපු අයට (දැක්කට පස්සෙ) බලපෑමක් නැහැ.
ReplyDeleteගෙදර ඉඩමෙන් පිට, පාලු තැනක වලක් හාරලා, ලුනු ටිකක් ඉහල මේක වලලන්න පුලුවන්. ඊට පස්සෙ, වල වහල ඊට උඩින් තව ලුනු ටිකක් ඉහින්න. හොඳට අත හෝද ගන්න. එච්චරයි, බය වෙන්න එපා.
Wiz Kun ට : දැන් නම් මට මේ තඹ තහඩු කෑල්ල කොහේ දැම්මද මතක නැහැ. ටිකක් හොයල බලන්න ඕනෑ ..
ReplyDelete